Daraz 11.11 හි ‘නිල සන්නිවේදන සහකරුවා’ ලෙස එයාර්ටෙල් ලංකා සමාගම එක් වෙයි

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන
එයාර්ටෙල් ලංකා සමාගම මෙරට ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි
සමාගමක් වන Daraz විසින් මෙවරත් පැවැත්වීමට සූදානමින් සිටින ලොව විශාලතම
විකුණුම් දිනය ලෙස සැලකෙන ”11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා ‘‘නිල සන්නිවේදන
සහකරුවා’’ ලෙස අත්වැල් බැඳගත්තේය.
මෙරට ඊ-වාණිජ්‍යය දැවැන්තයෙකු වන Daraz.lk සමඟ ඇති කරගත් මෙම උපාය මාර්ගික
හවුල්කාරීත්වය මගින් එයාර්ටෙල් පරිශීලකයින්ට මෙම ප‍්‍රවර්ධන වැඩසටහන
පැවැත්වෙන 2022 නොවැම්බර් 11 සිට 17 දක්වා වන කාල සීමාව තුළ සුවිශේෂී
ප‍්‍රතිලාභ, වට්ටම් සහ දීමනා හිමි කර ගැනීමට අවස්ථාව ඇත.
මෙම 11.11 ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සූදානම් වෙමින්, Daraz යෙදවුම එයාර්ටෙල්
ජාලය තුළ ‘whitelisted’ කර තිබෙන නිසා පරිශීලකයින්ට කිසිදු ගෙවීමකින් තොරවම
යෙදවුම වෙත ප‍්‍රවේශ වීමට ඉඩ සලසයි. මෙනිසා එයාර්ටෙල් ජාලය භාවිත කරමින්
සාප්පු සවාරි යන්නන්ට තමන්ට රිසි සේ මෙම යෙදවුම භාවිත කරමින් ඔවුන්ගේ
ප‍්‍රියතම අලෙවිසැ browse කිරීමටත් data වලට යන වියදම ගැන කරදර නොවී ඔවුන්ගේ
shopping carts පිරවීමටත් කාලය ලබා දෙයි. මෙය සියලූම එයාර්ටෙල් සහ Daraz
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප‍්‍රතිලාභ හිමිවන කදිම අවස්ථාවකි.
මෙම ප‍්‍රවර්ධන කාලය තුළ, අලූත් සහ දැනට සිටින එයාර්ටෙල් රු. 749 පැකේජය
භාවිත කරන පරිශීලකයින් දෙදෙනෙකුට නවතම smartphone එක බැගින් දිනා ගැනීමට
මෙහිදී අවස්ථාව ඇත. මීට අමතරව, රු. 749 නව එයාර්ටෙල් සම්බන්ධතාවයක් මිලදී
ගන්නා පාරිභෝගිකයින්ට රටේ ඕනෑම තැනකට එය නොමිලේම ගෙනවිත් දීමේ
වරප‍්‍රසාදය භුක්ති විඳිය හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්‍රී ලංකා ප‍්‍රධාන විධායක
නිළධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ‘‘අපගේ පාරිභෝගිකයින්ට
ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබා දීමේ සමාගමේ එකම අරමුණ වටා ශ‍්‍රී ලංකාව
තුළ එයාර්ටෙල් හි මෙහෙවර කේන්ද්‍රගත වී තිබෙනවා. එබැවින් ශ‍්‍රී ලංකාවේ විශාලතම
සහ ප‍්‍රියතම ඊ-වාණිජ්‍ය සැණකෙලියක් වන Daraz 11.11 ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා
නිල විදුලි සංදේශ හවුල්කරුවා ලෙස එක් වීමට ලැබීම ගැන අපිට සතුටුයි. Daraz වෙතින්
ලබා දෙන දැවැන්ත මිල අඩු කිරීම්වලට වඩා වැඩියෙන් එයාර්ටෙල් ලංකා විසින් ලබා
දෙන සුවිශේෂී ප‍්‍රතිලාභ උපරිමයෙන් භුක්ති විඳින ලෙස අපි අපගේ සියලූම
පරිශීලකයින්ට ආරාධනා කරනවා.’’ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *