අකිලගේ සහ කේන්ගේ පන්දු යැවීම නීති විරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි

Tuesday, 20 August 2019

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ සහ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීම නීති විරෝධී බව යලිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත.

නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ ශ්‍රී ලංකා පන්දු යවන්නා වන අකිල ධනංජය යන දෙදෙනාම 2019 අගෝස්තු 14 සිට 18 දක්වා ගාල්ලියේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් පසුව නීති විරෝධී පන්දු යැවීමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ.

කණ්ඩායම් දෙකේම කළමනාකාරිත්වයට භාරදුන් තරග නිලධාරීන්ගේ වාර්තාව, ක්‍රීඩකයන් දෙදෙනාගේම පන්දු යැවීමේ ක්‍රියාවන්හි නීත්‍යානුකූලභාවය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව කවුන්සිලය පවසයි.