අසුරු සැනින් එක මොහොතකදී ඇය මැකී යයි

Monday, 22 July 2019
ප‍්‍රවීණ ගේය පද රචිකාවක් මෙන්ම ප‍්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදිකාවක් වන කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව පසුවූ ඇය, නිවසේ සිට රෝහලක් කරා රැගෙන යමින් සිටියදී ඊයේ (21) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත විය.

ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය ජනතාව අතර ප‍්‍රසාදයට පත් විය.

අසුරු සැනින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් , සිතුවිලි සිරවී හදවත පතුලේ මෙන්ම ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ ඇතුළු ජනපි‍්‍රය ගීත රැසක් කුසුම් පීරිස් මහත්මිය විසින් මෙරට කලා ක්ෂේත‍්‍රයට දායාද කර තිබේ.

අභවප‍්‍රාප්ත කුසුම් පීරිස් මහත්මිගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර ඇගේ අවසන් කටයුතු ලබන බදාදා (24) සිදු කිරීමට නියමිතය.