ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් ඉස්මතු වූ ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලනය ඉඟි

Monday, 10 June 2019

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිනීමත් සමග දේශපාලනයේ විවිද අදහස් සහ මත හුවමාරු වෙමින් තිබේ. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් ඉස්මතු වූ ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලනය ඉඟි කිහිපයකි.

සංචාරය අතරතුරේදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ පරිවාර අමාත්‍යවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබූ බව CGS අප මිට දින කිහිපයකට පෙරදී වාර්තා කල පරිදි එය එසේ සිදු විය.

නමුත් මෙමගින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තිබෙන පෞද්ගලික සහ දේශපාලනික පසමිතුරු බවේ ප්‍රතිපලයක් වශයෙන් එක්වරම සජිත් ප්‍රේමදාස මහතා ඉහළට එසවීමට ජනාධිපතිවරයා ක්‍රියාකරමින් සිටින බව මේ වන විට දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාට වත්මන් ජනාධිපතිගේ ඇති කැමැත්ත පිළිබදව ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය සහිතව මීළඟ ජනාධිපතිවරණය සදහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන බවට සදහන් වෙමිනි.

යත් සමග දේශපාලන විචාරකයන්ගේ මීළග අවධානය විපක්‍ෂනායක හමුව කෙරෙහි යොමු වී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සිදුවූ හමුවේ දී නාමල් රාජපක්ෂ මහතා කරළියට පැමිණ සිටීම ද මේ අනුව කතා බහට ලක් වෙමින් තිබේ.

  • අශන්ති වරුනසුරිය