උපන් වේලාවෙන් දරුවාගේ ඉගනීම ගැන දැනගන්න..

Thursday, 11 January 2018

ෆෙංෂුයි කලාවේ සඳහන් ආකාරයට හැම දරුවෙක්ම උපතින් එක හා සමාන දස්කම් දක්වනවා. නමුත් ප‍්‍රායෝගිකව ඒ දස්කම් එළියට එන්නේ, ඒ ඒ දරුවා දක්ෂතා දක්වන ක්ෂේත‍්‍රය දෙමාපියන් වටහා ගත්තොත් පමණයි. වෙනත් අයුරකින් කිව්වොත් දරුවා ව තේරුම් ගැනීමට හැකිවිය යුතුයි. උපන් වෙලාව මත පදනම් වූ පෞද්ගලික පාලන අංකයක් හැම අයෙකුටම තිබෙනවා. එම හැම පාලන අංකයකටම සුවිශේෂි වූ ගතිගුණ ද තිබෙනවා. දෙමාපියන් විසින් දරුවා අනාගතයේ යොමුකරන මග තෝරා ගත යුත්තේ ඒ ශාස්ත‍්‍රයට අනුවයි.
දරුවාගේ පෞද්ගලික පාලන අංකය මෙසේ සොයාගන්න.

මෙය උපන් වේලාව පදනම් කරගනෙ බිහිවූ ක‍්‍රමයක්. ඔබගේ දරුවා ඉපදුනේ උදෑසන ද සවස් භාගයේ ද කියන කරුණ පවා මෙහිදී සැලකිල්ලට ගන්නවා. එනම් මෙහිදී දරුවා උපන් වෙලාව හා උපන්දිනය, තනි අංකයක් ලැබෙන පරිදි එකතු කරන්න. උදාහරණ ලෙස දරුවා ඉපදී තිබෙන්නේ උදෑසන හයට නවම් හයේ ඉලක්කමත් උපන් දිනයට එකතු කළ යුතුයි. නමුත් සවස හයට ඉපදුනා නම් එකතු කළ යුත්තේ දහ අටයි. එනම් වේලාව ගණනය කළ යුත්තේ විසිහතර පැය ඔරලෝසු ක‍්‍රමයටයි.
උදා :- 2006/04/23 දින පස්වරු 2.33 ට ඉපදුණු දරුවෙකුගේ පෞද්ගලික පාලන අංකය සොයාගැනීම
(2+0+0+6) +( 0+4) + (2+3) +(1+4+3+3) = 28

(2+8) =10

(1+0) = 1

ඒ අනුව මේ දරුවාගේ පාලන බලය හිමි වන්නේ අංක 1 ට යි.

පාලන අංකය 1 හිමි දරුවන්
ඔවුන් උපතින්ම නායකයන් තරඟකාරී පෞරුෂයක් හිමියි. තමන්ගේ මෙන්ම අනෙක් අයගේද දක්ෂතා හඳුනාගෙන එයින් ඵල ප‍්‍රයෝජන ගැනීමට දන්නවා. මේ දරුවන් ඉස්මතු වීමටත් අනෙක් අයට නියෝග දීමටත් කැමතියි. ඉහළට යනවා. නිර්මාණශීලීයි. මෙවැනි දරුවන්ට නිදහසේ වැඩෙන්නට දෙන්න. ඒ අතරම හොඳ ගතිගුණ කියාදීමටත් විශේෂයෙන්ම මතක තබාගන්න. මෙවැනි දරුවෙක් ලැජ්ජාශීලී නම් එවිට මේ දක්ෂකම් සැඟවෙනවා. හැම විජයග‍්‍රහණයකදීම මේ දරුවාට ප‍්‍රශංසාව හා දිරිමත් කිරීම අවශ්‍යයි.

පාලන අංකය 2 හිමි දරුවන්
ඔවුන් සංවේදියි. අනෙකා ගැන ඉතාම සැලකිලිමත්. නිතර ආදරය සොයනවා. ඒනිසා වයසින් වැඩෙන විට දරුවා ආශ‍්‍රය කරන මිතුරු මිතුරියන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඔවුන් නිතැතින්ම තමන් ගැන සොයාබලන සැලකිලිමත් වන අයට ආදරය කිරීමටත් සමීප වීමටත් පෙළැඹෙනවා. මෙවැනි දරුවන් මානුෂීය ගුණාංගවලින්, සංවේදනයෙන් ඉහළයි. අනුන්ට සේවය කළ හැකි රැුකියාවන්ට යොමුකළ විට ඉහළම සාර්ථකත්වයක් ලබනවා. ඉතා අවංකයි. මෙවැනි දරුවන් සැරවැර කළ විට මානුෂිකව ඇද වැටෙනවා. ඈත් වෙනවා.

පාලන අංකය 3 හිමි දරුවන්
ඔවුන් ජනපි‍්‍රයයි. සමාජශීලිය. මිතුරන් ඇතිකර ගැනීමට වගේම ප‍්‍රවේශමෙන් ඔවුන් ව ආශ‍්‍රය කිිරීමටත් හොඳින් දන්නවා. තමන් වටා පිරිසක් ඇතිකර ගන්නවා. නිවසේ හුදෙකලා වී සිටීමට ඉතා අකමැති අයයි. ජනමාධ්‍ය හෝ මහජන සම්බන්ධතා ක්ෂේත‍්‍ර සඳහා උපන් හපන්කමක් මේ දරුවන්ට තිබෙනවා. රඟපෑම ඔවුන්ට උපතින් උරුමයි. ජනතා ආකර්ෂණය හිමි වෙනවා.

පාලන අංකය 4 හිමි දරුවන්
ඔවුන් ප‍්‍රායෝගිකයි. සංවිධානාත්මක ලෙස වැඩක් සාර්ථක කරගැනීමට දන්නවා. ගණිතය හා විද්‍යාවට උපතින්ම දක්ෂ බුද්ධිමත් දරුවන් මේ අයයි. ඉංජිනේරු තාක්ෂණික අංශ හා පරිගණක ක්ෂේත‍්‍රය තිබෙන්නේ ඔවුන් සඳහායි. මේ දරුවන් ගේ මොළයේ දකුණු පැත්තට වඩා වම්පැත්ත කි‍්‍රයාකාරියි. ඒනිසා චිත‍්‍ර ඇඳීම, නර්තනය, කෑම පිසීම වැනි දෙයට අදක්ෂ වෙන්නට පුළුවන. රංගනය, සංගීතය වැනි අංශවලටත් ඔවුන් කැමති නැහැ. අභියෝග ජය ගැනීමට ඉතා කැමැතියි. නමුත් මුරණ්ඩු දරුවන් විය හැකියි. දෙමාපියන් වශයෙන් ඔබ මේ දරුවන්ගේ රස වින්දනාත්මක හැකියාව දියුණු කරදීමත් අමතක කරන්න එපා.

පාලන අංකය 5 හිමි දරුවන්
මේ දරුවන් උපතින්ම බුද්ධිමතුන්. කුඩා කාලයේදී ඉතාම දක්ෂ දරුවන් මෙවැනි දරුවෙකුට හැම දෙයකටම හේතු දැන ගැනීමට අවශ්‍යයි. නොනැසෙන කුතුහලයකින් යුක්තයි. දෙමාපියන් වශයෙන් ඔබ ඔවුන් අහන ප‍්‍රශ්නවලට හැකි පමණින් පිළිතුරු දිය යුතුමයි. ‘‘අනේ මං දන්නේ නෑ පුතේ ’’වැනි සෘණාත්මක පිළිතුරුවලින් දරුවාගේ ලෝකය බිඳ වැටෙනවා. හොඳ ආයෝජකයන් වීමටත් ඕනෑම ක්ෂේත‍්‍රයක ප‍්‍රමුඛයන් වීමටත් උපන්ගෙයි හැකියාවක් මේ දරුවන් සතුයි. බැංකු හෝ රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ රැුකියා ඉතා සුදුසුයි. උසස් අධ්‍යාපනයේ දී ද ඉහළම දස්කම් දක්වනවා. රැුකියාවට ඇලී ගැලී ජීවත්වීමට පසුකලෙක ඔවුන් පි‍්‍රය කරනු ඇති.

පාලන අංකය 6 හිමි දරුවන්
ඔවුන් සිත් ඇදගන්නා සුලූයි. නිර්මාණශීලියි. රණ්ඩු දබරවලට ඉතා අකමැති ඔවුන් නිහඬව සිටීමට පි‍්‍රයකරනවා. හැම කෙනෙක් සමගම සතුටින් සුහදව සිටීමට කැමති නිසා බොහෝ අයගේ ප‍්‍රසාදය දිනාගත් කෙනෙක් බවට පත්වෙනවා. ඔවුන් ඇසුරු කරන්නේ ද තමන් වැනිම අයයි. මෝස්තර නිර්මාණය, ගෘහ අලංකරණය සහ කලා විෂයන්ට ඇති ඇල්ම පුබුදු කරලීමෙන් මෙවැනි දරුවන්ට හොඳ මගපෙන්වීමක් කරන්නට ඔබට පුළුවන්.

පාලන අංකය 7 හිමි දරුවන්
ඔවුන් නව සොයාගැනීම්වලට පි‍්‍රය කරන, කි‍්‍රයාශීලී දරුවන් මේ දරුවන්ගේ මනස ඕනෑම මොහොතක වැඩ. ඒ වගේම ඕනෑම මොහොතක කුමන හෝ දෙයක් කිරීමට පි‍්‍රයකරනවා. පමා වී නින්දට ගොස් තමන්ගේ සහෝදර සහෝදරියන්ට වඩා කලින් අවදිවෙන අයයි. මෙවැනි දරුවන්ට යාන්ති‍්‍රක සෙල්ලම් බඩු ලබාදීමෙන් ඔවුන්ගේ ලෝකය පුළුල් වෙනවා. නිවසේ කැඩුණු කරාම සැදීම වැනි කටයුතු කුඩා කල සිටම සැලකිලිමත්. මේ දරුවන්ට නිදහසේ වැඩෙන්නට අරින්න. නීති රීතිවලින් කොටු වූ විට නිර්මාණශීලිත්වය පලායනවා.

පාලන අංකය 8 හිමි දරුවන්
ඔවුන් උපතින්ම වාසනාවන්ත නායකයන්. සෙසු අයගේ ජීවිතවලට මග පෙන්වීම් කිරීමට පුළුවන් අයයි. අති දක්ෂ කථිකයන් වීමට ඔවුන්ට වාසනාව තිබෙනවා. ධනය හා බලය අතින් ජීවිතයේ අති සාර්ථක වීමට ඔවුන්ට පුළුවන්. නමුත් කුකුල් කේන්තිකාරයන් විය හැකියි. ඒ නිසා මෙවැනි දරුවන්ට ඉවසීම උගන්වන්න. ජන නායකයන් වීමේ වරම හිමියි.

පාලන අංකය 9 හිමි දරුවන්
ඔවුන් සිහින දැකීමට පි‍්‍රයකරන තමන්ගේම දැක්මක් තිබෙන විශිෂ්ට දරුවන්. පොත් කියවීම හරහා අලූත් ලෝකයක් තමන්ටම විවර කර ගන්නවා. ඔවුන් නිර්භීතයි. වීර කි‍්‍රයාවල යෙදීමට පි‍්‍රයයි. ඉතා කුඩා අවධියේ සිටම ස්වාධීන වීමට කැමතියි. කී‍්‍රඩාවන්හිද සුපිරි සාර්ථකත්වයක් ලැබීමට ඔවුන්ට පුළුවන්. නමුත් පොතපතට ඇලී ගැලී සිටීම නිසා එවැනි අංශ වලට යොමුවේද යන්න සැකසහිතයි. අධික චිත්ත ශක්තියකින් යුක්තයි. දෙමාපියන් වශයෙන් ඔබ මෙවැනි දරුවන්ට තමන් කැමති අංශයකට යොමුවීමට ඉඩදිය යුතුයි. ඔවුන් ඕනෑම අංශයකින් තමන්ගේම ක‍්‍රමයකට ඉහළට සාර්ථක වීමට දන්නවා.