52% ගෝඨාට ජයක්. කවුරු දිනුවත් රට වෙනස් කිරීමේ වගකීමට වගවෙමු. අශ්ගේ දේශපාලන කොළම

Wednesday, 13 November 2019

ජන්දය යනු යුද්ධයකි. ඒක අපි හිතපු විදියක්. ඉතිහාසයත් එක්ක බලනකොට මෙවර මැතිවරණය සාමකාමියි. ඒ දේශපාලන අහවල් කෙහෙල්මලක් නිසා නොව ජනතාව බුද්ධිමත්ව සැබෑව යථාර්තය ඇති සැටියෙන් තේරුම් ගැනීම නිසා යයි මගේ මතයයි. එයින් දේශපාලකයන්ට ජනතාව තව දුරටත් ඇන්දවිය නොහැකි බවට සලකුණක් ලබා දීලා

අද මැතිවරණය ගැන ලිවිය හැකි අවසාන දවසයි. මේ රටේ දුෂණයට වංචාවට නොගෑවුණු දේශපාලකයෙක් ඇත්නම් ඒ එක්කෙනෙක් දෙන්නෙකි. ඒ අස්සේ අපි හොරු කියන්නේ ද කම්බා හොරුනටය. අපේ රටේ ණය බර මිලියන 11977539ක්. ඔබ දන්නවා ද මේ වන විට අමාත්‍යංශ 18ක් මැතිවරණ නීති උල්ලංගනය කරලා. නිලධාරී මාරු කිරීම්, රජයේ වාහන අවභාවිතය, රාජ්‍ය දේපළ අයුතු යුතු විදියට භාවිතා කිරීම මේවාට ඇතුලත්. මැතිවරණයක් සමයේදී මේවා අපි හැමදාම කතා කළ දේවල්. ඒවගේම මැතිවරණ නීති උල්ලංගනය වීමේ පැමිණිලි දහස් ගණනක්. ඒ අස්සේ උතුර අල්ලන්න හදන ප්‍රධාන පක්ෂ දෙක. සමහර තැන වල ගෝත්‍රික මතවාද තවමත් . සියල්ලෙන් පසක් කරන්නේ මෙරට දේශපාලන සස්කෘතිය අවශ්‍ය ප්‍රමාණයට තවමත් පුනරුප්තාපනය වී නැති බවයි. රට ඉල්ලන ගුනවත්කමේ පෝෂණය අභ්‍යන්තරයෙන් වැඩි නැහැ.

ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවේ කියන පොරොන්දු මවා පෙන්වන සුරංගනා ලෝකය ඉටු කරාවියැයි ජනතාවට බලාපොරොත්තුවක් ද අද නැත. නමුත් ඔවුන් මෙකි අපේ රටේ සැබෑ ප්‍රශ්ණ වලට නම් පිළිතුරු දිය යුතුව ඇත. ඒ. ඒ රටේ ණය, රටට අහිතකර විදේශීය ගිවිසුම්, රටේ අදායම් වැඩි කර ගැනීම, දුෂණ වංචා තොර වීම, සෞක්‍ය ගැටළු පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩනැගීම. රටක් අපට අවශ්‍ය නිසාය

ප්‍රචණ්ඩත්වය යනු මෙරට ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියේ ලක්ෂණයක් සිතන තරමටම බැදී තිබුනත් අද ජනතාව ලබා දුන් ආදර්ශය වැදගත්. ඒ මෙරට 70ක දේශපාලන ඉතිහාසය තුළ අපි හම්බකලොත් අපි කෑවා තියරිය අපිට අවේණික වුණු නිසා වෙන්නත් ඇති.

ජනතා ඔබේ මනාපය බුද්ධියෙන් විමසා බලා සටහන් කර සමගියෙන් තම හිතවතුන් සමග හිදිම වැදගත් බව අප මතක් කරන්නේ ඔබ අප කුමන පක්ෂෙකට කඩේ ගියත් ඒ දේශපාලන මතවාද වලින් ඔබේ සහෝදරකම් මිතුදම් බිද නොදමන පරණ ඇරියස් කවර නොකර සිටින ලෙසටයි .

සදහන් වන තොරතුරු අනුව පැවසෙන්නේ පොදුජන පෙරමුණ සියයට 52,53 ප්‍රමාණයෙන් ජයග්‍රහණය කරන බවට. කොහොමවුණත් ඔබේ ජිවිත දිනුම ඇත්තේ ඔබේ අතේ. මෙතෙක් තබා ගත සාමකාමී වටපිටාව දිගටම තබා ගැනීමේ වගකීමට වගවීම ඔබ සතුයි . මන්ද ජනතාව එකපෙළට හරියට හිට ගන්නවා නම් දේශපලකන්ගේ මුග්ධ බව නැති කර ගත හැකි වන නිසයි

අශ්ගේ දේශපාලන කොළම