කැබිනට් හමුව අද නැහැ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙ වැඩ දිගටම

Tuesday, 11 June 2019

සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද (11) දිනයේ නොපැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මිට හේතුව වන්නේ පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තව දුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමාට කැබිනට් මණ්ඩල රැස්වීමටද සහභාගි විය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉකුත් සිකුරාදා (07) රාත්‍රීයේ පැවති විශේෂ හදිසි කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කිරීම බව ප්‍රබල දේශපාලකයෙක් අප සමග පැවසිය..

පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන ගණනාවකට එල්ලවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද දිනත් ඉදිරි දිනවලත් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම කමිටුවට සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පල කර ඇති දැඩි විරෝධය නොතකා රැුස්වීමට තීරණය කර ඇත.

අද පස්වරු දෙකට මෙම කමිටුව පාර්ලිමේන්තු ශාලා 04දී රැස්වීමට නියමිතය.

මෙම කමිටුව හමූයේ අද දිනයේ පෙනී සිටීමට නියමිතව ඇත්තේ බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සභාපති, කාත්තන්කුඩි මුස්ලිම් පාලන ආයතන සංවිධානයේ මහ ලේකම් යන තිදෙනාය