කින්ස්බරි ප්‍රහාරකයා ස්වයන් බෝම්බකරුවෙක්

Thursday, 11 July 2019

පසුගිය අප්‍රේල් 21 වනදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී බෝම්බ පුපුරුවාගත් මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඩ් අසාම් බොහොම මොහොමඩ් හෙවත් අබ්දුල්ලා නැමැත්තා ස්වයං බෝම්බකරුවකු බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් ඊයේ (10) තීරණය කළේය.

ඉදිරිපත් වූ රස පරීක්ෂක වාර්තා හා අනෙකුත් සාක්ෂි කෙරෙහි අවධානය යොමුකරමිනුයි මහේස්ත්‍රාත්වරයා එලෙස තීරණය කරනු ලැබිය.

එකී බෝම්බකරු සමඟ සමීපව ඇසුරු කරමින් එකී අපරාධ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එහි බෝම්බකරු සහ අනෙක් සැකකරුවන් දෙදෙනා භාවිත කළ දුරකථන වලට අදාල තොරතුරු සහ ඔවුන්ගේ බැංකු ගිණුම්වල අදාළ දත්ත සුරක්ෂිතව තබාගැනීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී දුරකථන සමාගම් කිහිපයකට හා බැංකු ආයතන කිහිපයකට නියෝග කරනු ලැබූ අතර මෙම නඩුව ලබන සැප්තැම්බර් 18 වනදා යළි කැඳවීමට නියමිතය.