කොස්වත්ත ගැටුමෙන් පුද්ගලයින් 22 අත්අඩංගුවට

Wednesday, 15 May 2019

කොස්වත්ත කොට්ටරාමුල්ල මොරකැලේ ප්‍රදේශයේදී ඊයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සැකපිට පුද්ගලයන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ කොස්වත්ත ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.

ඊයේ  (14) සිදුවූ මෙම ගැටුමෙන් කැපුම් තුවාල ලබා පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති අතර කොස්වත්ත පොලිසිය ආසන්නයේ පොලිස් කැරළි මර්ධන ඒකකය සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් යොදවා තත්වය සමනය කර තිබේ.

මෙම ගැටුමෙන් මියගොස් ඇත්තේ කොටරාමුල්ල මොරකැලේ පදිංචි මොහමඩ් සාලි ෆවුසුල් අමීරි නැමැති 50 හැවිරිදි සිව්දරු පියෙකු වන අතර තුවාල ලබා ඇත්තේ මොරකැලේ පදිංචි විශ්‍රාමික හමුදා සමාජිකයෙකු වූ සුසේ හේවගේ ගුණසිංහ නැමැති 54 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.

ගැටුම හේතුවෙන ප්‍රදේශයේ නිවාස 6 කට පමණ හානි සිදුව ඇත.