ටටියානාගේ පියා ශ්‍රී ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ධූරයට

Tuesday, 6 August 2019

නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ලී ජයරත්න පත් කිරීමට තීරණය කර තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂගේ බිරිද වන ටටියානා ලී ජයරත්න, ජෙරම් ලී ජයරත්න මහතාගේ එකම දියණිය වේ.

ජෙරම් ලී ජයරත්න කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ ව තුන් ඉරියව් පන්දු යවන ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙකු වන ඔහු පසුව පුහුණුකරුවකු ලෙසද කටයුතු කරමින් මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින ඉහළතම සුදුසුකම් සැපිරූ පුහුණුකරුවෙක් මෙන්ම අයි.සී.සී සිවුවෙනි මට්ටම (Level 4 qualified) සමත් වූ පුහුණුකරුවෙකි.