දිවයිනේ පළමුවරට පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන් සඳහා විශේෂ වට්ටම් සහිත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්

Saturday, 22 June 2019

දම්සරණී විශේෂ වට්ටම් කාඩ්පත පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන්

පන්නිපිටිය පෞද්ගලික රෝහල යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරන පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය අගයමින් “ දම්සරණී “ නමින් විශේෂ කාඩ්පතක් හඳුන්වාදී ඇත.මෙම කාඩ්පත රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් පූජ්‍ය පක්ෂයට සහ දහම් පාසල් ගුරුවරුන්ට සුවිශේෂී වට්ටම් සහිතව ප්‍රතිකාර ලැබීම සහ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම ඇතුළු තවත් පහසුකම් රැසක් හිමිවෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති , ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවසුවේ පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ට ගෞරවය පුදකිරීම සඳහා ඔවුන් වෙත මෙවැනි වරප්‍රසාදයක් පිරිනැමීමට රෝහල තීරණය කළ බවය.     ” සමාජයේ යහපත උදෙසා කැපවීමෙන් කටයුතු කරන්නන්ගේ සේවය අද අපේ රටට අන් කවරදාටත් වැඩියෙන් අත්‍යවශ්‍යවී තිබෙනවා.සමාජ වගකීමකින් යුතු රෝහලක් ලෙස , එවැනි සුවිශේෂී ක්ෂේත්‍රයන්හි නියුතුවූවන්ගේ මෙහෙවර ඇගැයීම සහ ඔවුන් තවදුරටත් දිරිගැන්වීම සඳහා ක්‍රියාත්මක කරන සත්කාරක වැඩසටහනක තවත් පියවරක් ලෙසයි දම්සරණී කාඩ්පත පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් හඳුන්වාදුන්නේ. අනවශ්‍ය වියදම් කපාහැර , එයින් ලැබෙන ප්‍රතිලාභද රෝගීන් වෙත පිරිනමමින් සමස්ත පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයටම ආදර්ශයක් සපයන අප රෝහල , සමාජයේ යහපත උදෙසා කැපවෙන පුරවැසියන් වෙනුවෙන් ඉදිරියේදිත්  හැකි උපරිම අයුරින් උපහාරය පුදකිරීමට බලාපොරොත්තු වෙනවා. “ යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.රෝහල වෙතින් ඉල්ලීමක් කිරීමෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වෙසෙන , ඕනෑම ආගමකට අයත් පැවිදි උතුමන්ට සහ දහම් පාසල් ගුරුවර , ගුරුවරියන්ට මෙම කාඩ්පත ලබාගත හැකි අතර , සියළු විමසීම් සඳහා 0112840065 සහ 0115886500 යන දුරකථන අංක විවෘත කර තිබේ.

වසර 25කට වැඩි කාලයක් පුරා මෙරට රෝහල් ක්ෂේත්‍රයේ ගෞරවනීය නාමයක් දිනාසිටින පන්නිපිටිය පෞද්ගලික රෝහල නොමිලේ ප්‍රථමාධාර කට්ටල බෙදාදීම, වෛද්‍ය කඳවුරු පැවැත්වීම ආදී සමාජ සත්කාරක වැඩසටහන් නිරන්තරයෙන් සංවිධානය කරනු ලබයි.දුෂ්කර පළාත්ද  ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව මෙමගින් ප්‍රතිලාභ හිමිකර ගෙනතිබේ.

පන්නිපිටිය පෞද්ගලික රෝහල පිරිවැය ඵලදායී සහ ඉහළම ගුණාත්මකබවකින් යුතු සුව සේවාවක් සපයන රෝහලක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නම්දරා සිටියි