දුර්ලභ ගණයේ’ දිවියෙකු මියයයි

Tuesday, 2 June 2020
(අශන්ති වරුනසුරිය)
දැඩි කතාබහක් ඇති කළ කළු කොටියාගේ මරණය සිදුවී දින 5 ක් තුළ තවත් දුර්ලභ ගණයේ දිවියෙකු මියගිය පුවතක් නෙළුව, හත්පිටිය ප‍්‍රදේශයෙන් අද (02) වාර්තා වේ
කළු කොටියාට සේම මෙම දිවියාටද දිවි අහිමි වී තිබුණේ මිනිසෙකු විසින් ඇටවූ මද්දකට හසුවීම හේතුවෙන්.
වනජීවි දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙලෙස මියගොස් ඇත්තේ මෙරටට ආවේණික දුර්ලභ ගණයේ දිවියෙකි