නිහඬ වෙලා හිටිය UNP කාරයත් සජිත් නිසා එකතු වෙලා

Tuesday, 12 November 2019

ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 3 ක් වැනි කෙටි කාලයකි. නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කටයුතු කෙසේද යන්න අප එජාපයේ පරිණත දේශපාලන සාමාජිකයකු වන බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම මහතා සමග කළ සංවාද සටහනකි මේ.

කොහොමද මැතිවරණ කටයුතු ?

අපේ මෙවර මැතිවරණ වියාපාරය දිනෙන් දින ඉදිරියට යමින් සජිත් ප්‍රේමදාස ගෝඨාභයට වඩා ඉදිරියෙන් ඉන්නවා. අපි සාධාරණව කටයුතු කරන නිසා TNA වැනි පක්ෂ බොහොමයක් ඇතුළු බොහෝ අය එකතු වෙලා ඉන්නවා. සමහර වෙලාට නිහඩව සිටි UNP අයත් සජිත් නිසා එකතු වෙලා.එක්සත් ජාතික පාක්ෂිකයා තුළ පිබිදීමක් ඇති වෙලා. එම වර්ධනය අපි ගෙයින් ගෙට යනකොට පේනවා.

මේවා පටන් ගන්න ප්‍රමාදයි කියලා හිතෙන්නේ නැත්ද ?

ප්‍රමාදයක් වුණා තමයි.ඒ නිසා අපේ වැඩපිළිවෙල වේගයෙන් කෙරෙනවා. ගම් මට්ටමෙන් හොද ප්‍රතිචාර තියෙනවා.සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ජනතාවට කරුණු වටහා දීම සිදු කෙරෙනවා.

ඔබලා රට බෙදන්න යනවද ?

ඕක පොදුජන පෙරමුණ ගෙනියන මඩ ප්‍රචාරයක්. මේවට උත්තර දීලා ජනතාව දැනුවත් කරන්න කියලත් අපි පාක්‍ෂිකයන්ට කියලා තියෙන්නේ. මේ රටේ හැම ආගමකටම ජාතියකටම ගරු කරන වටපිටාවක් වගේම හැම ජාතියකම ජන කොට්ටාසයක් ආරක්ෂා කරීමට අපි කටයුතු කළා වගේම කටයුතු කරනවා.

ඒ වුණාට රජයක් විදියට ෆේල් වුණා කියලා ජනතාව කියනවා. කියපු දේවල් කළේ නැහැ කියලා

අපි තරම් සහන දුන් රජයක් නැහැ. භුක්ෂු රක්‍ෂණ ලබා දීම, සෞක්‍ය 40% බෙහෙත් මිල අඩු කළා. ඉන්දියාවෙන් ලැබුන ගිලන් රථ වලට මොන තරම් දේවල් කිව්වද ? ලංකාව ඉංදියාවට විකුණන්න යනවා කියලා කිව්වේ. එත් අද ලක්ෂ දහතුනහාමාරක ජිවිත බේරලා තියෙනවා. සමුර්ධිය, නිවාස ලබා දීම, තාක්ෂණ පුහුණුවීම ඇතුළු තරුණ ළමයින් දියුණු කිරීම්, මේවා කළා. ඒවගේම ඉදිරියේදී මේවා ඇතුළු තවත් බොහෝ වැඩපිළිවෙලවල් ඇති කිරීම නගාසිටුවමින් ජන ජීවිතය නගා සිටුවීමේ පියවර අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලත්.

දායා ගමගේ ඇමතිගේ රැළියට එල්ල වුණ විරෝධය, හූ හඩ එක්ක ලොකු මඩක් වැදුණා නේද ?

බුදුන්ට ජේසුස් වහන්සේට විවේචන එල්ල වුණා. වේදිකාවේ මඩ නෙමෙයි ප්‍රතිපත්ති ගැනයි කතා කළ යුතු වන්නේ.

ඔබ හිතනවද සජිත්ට මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා?

සජිත් කියන්නේ ලාබාල කෙනෙක් නෙමෙයි. ඔහුගේ පියාගේ කාලයේ සිට අත්දැකීම් ලැබුණා. පසුගිය කාළෙත් ඔහු ක්‍රමානුකුලව සැලසුමකට අනුව පිළිවෙලකට වැඩ කරනවා. සුදුස්සන්ට සුදුසු තැන දෙනවා. වරප්‍රසාද වලින් තොරව දේශපාලනය කිරීමේ ගුණය ඔහු සතු වනවා. ඔහු සියල්ලට සම්පුර්නවා සුදුසුයි.