ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Friday, 28 June 2019

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති පෞද්ගලික මල්ශාලාව වෙත  (26) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර දූ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් ඇතුළු රසික රසිකාවන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.