‘පාත්ෆයින්ඩර් මනි’ සේවාව ගාලූ පාරේ දී විවෘත වෙයි

Wednesday, 7 August 2019

එම්.එම්.බී.එල් පාත්ෆයින්ඩර් සමාගම ශ්‍රී ලංකා  මහ බැංකුව අනුමැතිය සහිත ‘පාත්ෆයින්ඩර් මනි’  විදේශ මුදල් හුවමාරු සේවාව අරඹන අතර එහි පළමු මධ්‍යස්ථානය ගාලූ පාර, කොල්ලූපිටියේ අංක 330 දරන ස්ථානයේ දී පසුගියදා විවෘත කෙරිණි.

සමාගමේ සභාපතිනි නිලියා පෙරේරා මහත්මිය  මධ්‍යස්ථානයේ ගනුදෙනු නිල වශයෙන් ආරම්භ කළේය. වරකට ඇමරිකානු ඩොලර් 5000 ක සීමාවකට යටත්ව විදේශ මුදල් ගෙන්වා ගැනීමට හෝ යැවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබේ.

එයිට්කන් ස්පෙන්ස් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් වශයෙන් වෙස්ටන් යුනියන් මුදල් හුවමාරුවේ මෙරට ප්‍රධාන නියෝජිතයා වශයෙන් ක්‍රියා කරන අතරවාරයේ එම්.එම්.බී.එල් පාත්ෆයින්ඩර් සමාගම නිල විදේශ මුදල් හුවමාරු සේවාව ආරම්භ කිරීම විවිධ කටයුතු සඳහා මෙරට පැමිණෙන විදේශිකයන්ට මෙන්ම සංචාර, වන්දනා, අධ්‍යාපන හෝ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ට සේවය සපයනු ඇත.
සමාගමේ ප්‍රධාන විධායක කේ. බාලසුන්දරම්, පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, පාත්ෆයින්ඩර් ඇග්‍රෝ සමාගමේ අධ්‍යක්ෂක ධර්මින් පෙරේරා යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ