පාරිභෝගික සිහින සැබෑ කරන “දිවා ඉඩමේ වාසනාව” අටවන වරටත් ඉඩම් හිමිකර දෙයි.

Sunday, 23 June 2019

2019 මැයි 28 වනදා – පාරිභෝගික සිහින සැබෑ කරන ”දිවා ඉඩමේ වාසනාව” තරගය මගින් අටවන් වරටත් වාසනාවන්ත ජයග‍්‍රාහකයින් තිදෙනෙකුට තමන්ගේම නිවසක් තනාගැනීමට ඉඩම් හිමිකර දුන්නේය.

පාරිභෝගිකයින්ට ඉතාමත් වටිනා ප‍්‍රතිලාභ ලබාදෙමින් තමන්ගේ සිහින සැබෑකර ගැනීමට සහයෝගය ලබාදෙන සන්නාමයක් ලෙසින් පාරිභෝගිකයින්ගේ ආදරය දිනා ගැනීමට දීවා සන්නාමය සමත්ව තිබේ. මෙරට පාරිභෝගිකයින් අතර ඉතාමත් ප‍්‍රසිද්ධ මෙන්ම ඔවුන් ඉමහත් ආදරය කරන දීවා වාර්ෂික ”ඉඩමේ වාසනාව” ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳව පාරිභෝගිකයින් සිටින්නේ ඉහළ බලාපොරොත්තු දල්වා ගෙනයි.

මේ අනුව, වසර අටක් තුළදී දීවා ”ඉඩමේ වාසනාව” තරගය මගින් ඉතාමත් වටිනා ඉඩම් කැබලි 28 ක් මේ වන විට වාසනාවන්ත ජයග‍්‍රාහකයින් වෙත ප‍්‍රදානය කර ඇත.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළදා පටන් මේ දක්වා මුදල් ත්‍යාග 590 කට වැඩි ප‍්‍රමාණයක්, රන්කාසි 54 ක් සහ යතුරු පැදි, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර සහ මහන මැෂින් ඇතුළු ඉතාමත් වටිනා ත්‍යාග රැුසක්ද පාරිභෝගිකයින් වෙත දීවා විසින් ලබාදී තිබේ.

අටවන වරටත් පැවැත්වූ දීවා ”ඉඩමේ වාසනාව” තරගයේදී මෙවර පාරිභෝගිකයින්ට වටිනා ඉඩම් කැබලි තුනක් පිරිනැමීමට අමතරව තවත් මුදල් ත්‍යාග 90 ක්ද ප‍්‍රදානය කළේය.

පාරිභෝගිකයින්ට ඉතාමත් වටිනා ඉඩම් ලබාදෙමින් ඔවුන් ජයග‍්‍රාහකයින් කරවීමට සමාගම සිදුකරන අඛණ්ඩ කැපවීම පිළිබඳව හේමාස් මැනුෆැක්චරිං සමාගමේ අලෙවිකරණ අංශයේ සාමාන්‍යාධිකාරී, ඩෙරික් ඇන්තනී මහතා මෙසේ අදහස් දැක්වීය. ”දීවා ඉඩමේ වාසනාව” පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන මගින් තමන්ගේ සිහින ඉටුකර ගැනීමට අපි පාරිභෝගිකයින්ට සහයෝගය ලබාදෙනවා. මේ දක්වා අපි විසින් පාරිභෝගිකයින්ට වටිනා ඉඩම් කැබලි 28 ක්, රන් කාසි 54 ක් සහ මුදල් ත්‍යාග 680 ක් ලබාදී තිබෙනවා. මේ පිළිබඳව අපට ඇත්තේ ඉහළ අභිමානයක්.”

මේ වසරේ තරගය මගින් ඉඩම් කැබලි දිනාගත් වාසනාවන්ත ජයග‍්‍රාහකයින් තිදෙනාගේ ජීවිතය මේ සමග ධනාත්මකව දියුණු වනු ඇත. මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ එක් ජයග‍්‍රාහකයෙකු වූ අනුරාධපුරයේ සුචිත‍්‍රා සෙව්වන්දි මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය. ”මම බැඳලා අවුරුදු තුනක් වෙනවා. මම තවම ඉන්නේ මගේ දෙමව්පියන් සහ සහෝදරියන් දෙදෙනාත් එක්කයි. මේ නිවසේ අපි හය දෙනෙකු ජීවත් වෙනවා. මේ නිසා, අපේම තැනකට යන සිහිනය අපට තිබුණා. මම දීවා කිලෝ එකේ පැකට් එකක් මිලදීගෙන මෙම තරගයට ඇතුළත් වුණා. දීවා ඉඩමේ වාසනාව කියන්නේ ඇත්තටම මගේ සිහින සැබෑ වීමක්. මුලින්ම අපි දින්නා කියල, මගේ මහත්තයා විශ්වාස කළේ නෑ. නමුත්, අපි විශාල ජයග‍්‍රහණයක් ලබාගත් බව දැනගත්තා. මේ තුළින් අපගේ අනාගතය යහපත් කරගන්න බලාපොරොත්තු වෙනවා.”

තවත් ඉඩම් ජයග‍්‍රාහකයෙකු වූ පන්නිපිටියේ ඩබ්ලිව්.ජේ. ප‍්‍රනාන්දු මහතා අදහස් දැක්වූයේත් මේ ආකාරයේම සතුටකිනුයි. ”මෙම ජයග‍්‍රහණය ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම, මෙවැනි වටිනා තරගයක් සංවිධානය කිරීම ගැන මම දීවාට ස්තූතිය පුද කරනවා. මම විශ‍්‍රාමික හමුදා නිළධාරීවරයෙක්. මගේ බිරිඳයි මගේ දියණියගේ පවුලයි ඉන්නේ එකම ගෙදරක. වෙනත් ඉඩමක් අරගෙන ගෙයක් හදන්න අපට අවශ්‍ය වුණත් මූල්‍ය තත්ත්වය එයට බාධාවක් වුණා. අපි සිහින දුටු ඉඩම අපට ලබාදීම පිළිබඳව දෙවියන්ට සහ දීවාට මා ස්තූතිවන්ත වෙනවා. මෙය විශ්වාස කරන්නත් අමාරුයි, අපිට දැන් ඉඩමක් තිබෙනවා, එහි නිවසක් ඉදිකිරීමයි අපගේ ඊළඟ බලාපොරොත්තුව. අපි දීවා රෙදි සේදුම් කුඩු පැකට් එකක් ගන්න වියදම් කළේ ඉතාමත් සුළු මුදලක්. නමුත්, සමාගම අපට ඉතාමත් වටිනා තෑග්ගක් දීල තිබෙනවා.”

ඉඩම් කැබලි දිනූ තුන්වන ජයග‍්‍රාහකයා වූ බොරැුල්ලේ එච්.ඒ.කේ. චමිලා කුමාරි මහත්මිය සිය ගෞරවය දීවා වෙත පුදකරමින් මෙසේ අදහස් දැක්වීය. ”මේ සියළු ජයග‍්‍රාහකයින් අතරින් වඩාත්ම සතුටු වෙන්නේ මම කියලයි මම විශ්වාස කරන්නේ. අපි බොරැුල්ලෙ ජීවත් වෙන්නෙ රජයට අයත් පර්චස් 02 ක කුඩා ඉඩම් කැබැල්ලකයි. මෙම ඉඩම අපගේ නමට හරවා ගන්නත් බෑ. ඒ වගේම, කොළඹ අවටින් ඉඩම් කැබැල්ලක් මිලදීගන්න තරම් අපට වත්කමක් නෑ. මගේ පවුලේ හය දෙනෙක් ඉන්නවා. මගේ දෙමව්පියෝ වගේම දරු මුනුපුරොත් ජීවත් වෙන්නෙ මේ කුඩා තැනේයි. මේ තෑග්ගේ වටිනාකම මට වචන වලින් විස්තර කරල ඉවර කරන්න බෑ. මෙම තරගය පටන් ගත්ත දා පටන් මම අඛණ්ඩවම අයදුම්පත් යොමුකළේ කවදා හරි මට දිනන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව ඇතුවයි. අපි එකට එකතුවෙලා මම දිනූ මෙම ඉඩම් කැබැල්ලේ අපගේ නිවස ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. මෙම තරගය සංවිධානය කිරීම පිළිබඳවත් මෙම වටිනා ත්‍යාගය අපට පිරිනැමීම පිළිබඳවත් අපි දීවාට ගෞරවය පුද කරනවා.”

දීවා ෆ්‍රෙෂ් යටතේ, දීවා ඇක්වා ලෙමන් සහ දෙහි, රෝස සහ දෙහි, සමන්පිච්ච සහ දෙහි මෙන්ම සේපාලිකා සහ දෙහි යන කාණ්ඩ වලින් පුළුල් පරාසයක විහිදුණු රෙදි සේදුම් කුඩු පෙළක් වෙළඳපොළට ඉදිරිපත් කර තිබේ. මේ අතර, දීවා විසින් නව වැඩිදියුණුකළ ඩිටර්ජන්ට් සබන් පෙළක්ද වෙළඳපොළට හඳුන්වා දී තිබෙන අතර මේවා ලෙමන්, දෙහි සහ සමන්පිච්ච සුවඳින් යුක්ත වේ.