බදියුදින් එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට බැසිල්ගේ විරෝධතාවයක් නැහැ

Wednesday, 15 May 2019

රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප‍්‍රචාරය වන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

අද උදෑසන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී ඉහත කාරණාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡවට ගෙන ඇති නමුත් එහි දී රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වාචිකව හෝ ඉගියකින් හෝ කිසිදු ආකාරයක විරුද්ධත්වයක් ප‍්‍රකාශ කර නොමැත.

එබැවින් බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධත්වය පල කළ බවට පැතිර යන අසත්‍ය ප‍්‍රකාශය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ ප‍්‍රතික්ෂේප කරන බව සිහිපත් කරමි.

  • සංජීව එදිරිමාන්න