මහා සමන් දෙවොලේ වසර දහස් ගණනක් වටිනා පෞරාණික වස්තු සොරා ගෙන

Monday, 10 June 2019

බලන්ගොඩ ඵෙතිහිසික බොල්තුබෙි මහා සමන් දේවාලයේ දේව ප්‍රතිමාව වැඩ සිටින මාලිගාවෙ ⁣ සහ කෞතුකාගාරයේ දොර ජනෙල් කඩා ඇතුළු විි එහි තිබු වසර දහස් ගණනක් වටිනා පෞරාණික භාණ්ඩ සොරකමි කර ගෙන ගොස් ඇත.

මේ වන විට රත්නපුර නිළ පොළිස් සුනඛ අංශයේ බැටි නැමති සුනඛයා යොදවා ගෙන පොලිසියේ විශේෂ නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙහි පරීක්ෂණ සිදු කරනු ලබයි.

වැඩිදුරටත් අදහස් දැන්වු දේවාලයේ බස්නායක නිලමෙි සිසිර ජෙනේද්‍ර පරණගම මහතා ,

සබරගමු ඵෙතිහාසික බොල්තුබෙි මහා සමන් දේවාලය රටෙ තිබෙන පැරනිතම දේ්වාලය ලෙස සැලකෙනවා.යමි කිසි පිරිසක් රාත්‍රියේ දේවාලයේ දොර ගුළු කඩා ⁣කෞතුකාගාරයේ තිබු පෞරාණික ඔටුන්නේ කරඩුව, පෞරාණික මුදු කිහිපයක්,වසර දහස් ගණනක් පැරණි මකර තොරණේ පිළිම දෙකක් සහ තවත් පැරණි භාණ්ඩ රැසක් සොරකමි කරගෙන ගිහිල්ලා තිබෙනවා.

මෙ දේවාලයේ පොලිස් මුරපොළක් තිබියදි එහි පොලිස් නිළධාරීන් රැදි සිටියදි තමයි මෙලෙස දේවාලයේ තිබුණා පෞරාණික භාණ්ඩ සොරකමි කරගෙන ගිහිල්ලා තිබෙන්නෙ. මිට ප්‍රථම ලංකාවෙ දේවාල 31 ක බස්නායක නිලමෙ වරැන් ජනාධිපති වරයාට ලිපියකින් ඉල්ලිමක් කරල ලිපියක් භාර දුන්නා බස්නායක නිළමෙිිවරැන්ට ආරක්ෂාව ලබා දෙන්න කියලා.ඒක ශ්‍රී ලංකා පොලිිසිය ඉෂ්ට කලේ නැහැ.එය ඉෂ්ට නොවුණු නිසා තමයි මෙ දේ සිදු වු⁣ණේ කියලා මට කියන්න පුළුවන්.ඉතින් මම කියනවා මෙ දේවාලයට වගේ අනික් දේවාල වලටත් මෙක විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙක පැතිර යන්න පුළුවන්. මෙ වගේ පිරිස් ඇවිල්ල දේවාල කඩල මෙ පෞරාණික දේවල් අරන් ගියාම අපේ සංස්කෘතිය නැතිවෙලා යන්න පුළුවන්.

මෙව වසර දහස්ගණක ඉදල අපි ඉතා අමාරුවෙන් රැකගෙන ආපු දේවල්. ඒනිසා මෙම අපරාධය කරපු, මෙම දේවාලයේ තිබුණා පෞරාණික භාණ්ඩ හා අනිකුත් දේවල් සොරකමි කල අය නිිතියේ රැහැනට කොටුකර ගන්න කියලා මම ඉල්ලිමක් කරනවා යැයි බස්නායක නිලමෙි වරයා වැඩිදුරටත් පැවැසිිය.