මාලිංගගේ කොටි1.5 වටිනා ඔරලෝසුව

Friday, 2 August 2019

ක්‍රිකට් ක්‍රීඩාවේ යෝකර් රජු ලෙස හැඳින්වෙන ලසිත් මාලිංග සාමාන්‍ය පවුලක සිට පැමිණ අද ලෝකයම ජනප්‍රිය පුද්ගලයෙක්.

ඒ ඔහුගේ දක්ෂතාවයන් කැපවීම සහ අධිෂ්ඨානය ක්‍රීඩාවෙන් පැනවීම නිසා. නොයෙක්කැපිලි කෙටිලි හමුවේ නොසැලී තම ගමන ඉදිරියටම අරගෙන ගිය ලසිත් මාලිංග පසුගිය දිනක එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්තා.

මේ වන විට ඉතා සුපිරි ජීවිතයකට හිමිකම් කියන ලසිත් මාලිංගගේ සුපිරි ජීවිතයේ එක් අංගයක් තමයි ඔහුගේ ඔරලෝසුව.

Roger Dubuis යනු ස්විස්ටර්ලන්තයේ ඇති මිලාධික ඔරලෝසු අතරින් එක් සන්නාමයක්.

වාර්තා වන අන්දමට මාලිංගගේ ප්‍රියතම ඔරලෝසුව Roger Dubuis Excalibur. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 63,700 හෙවත් රුපියල් 11,466,500 පමණ වේ.

කෙසේ වෙතත් කියවෙන්නේ ලසිත්ගේ ගෙදර ඒ වගේ ඔරලෝසු අටක්  ලසිත් මාලිංගට තියෙන බවය.