මාලිංග නොමැතිව ශ්‍රී ලංකා පිළ එංගලන්තයට

Wednesday, 8 May 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 12 වන එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ඊයේ (07)  දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත් විය.

ක්‍රීඩකයන් 18 දෙනෙකු සහ නිලධාරීන් 09 දෙනෙකුගෙන් සමන්විත 27ත් දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම අද උදෑසන 10.20ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙනි.

මෙහිදී වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 19 වන ක්‍රීඩකයා ලෙස, පසුව මෙම කණ්ඩායමට සම්බන්ධ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම ක්‍රිකට් තරගාවලිය මේ මස 30 වනදා සිට ලබන ජුනි මස 12 වනදා තෙක් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ දී පැවැත්වීමට නියමිතය.