මෙරට පාසල් ක‍්‍රීඩාවේ කැපී පෙනෙන තරගාවලිය බවට පත්වන DSI සුපර්ස්පෝ්ර්ට් පාසල් වොලිබොල් ශූරතා 2019 ප‍්‍රකාශයට පත්වෙයි

Thursday, 14 February 2019

මෙරට පාසල් ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ වැඩිම කණ්ඩායම් සහභාගීත්වයක් ලබන තරගාවලිය බවට පත්වන සහ අඛණ්ඩ 19 වැනි වසරටත් DSI අනුග‍්‍රහයෙන් පැවැත්වෙන DSI සුපර්ස්පෝ්ර්ට් පාසල් වොලිබෝල් 2019’ තරගාවලිය පෙබරවාරි 12 වැනිදා ‘ඔලිම්පික් නිවසේ’ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශයට පත්කරන ලදි.
ශ‍්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI පූර්ණ අනුග‍්‍රහයෙන්, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, පාසල් වොලිබෝල් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ එකතුවෙන් සංවිධානය වන මෙම තරගාවලිය මෙරට වොලිබෝල් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් සටහන් කළ ඉසව්වකි.
DSI සමාගම විසින් ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය සමග එකතුව 1999 දී පළමු වරට මෙම තරගාවලිය පවත්වන ලද අතර ග‍්‍රාමීය මෙන්ම නාගරිකව වෙසෙන ක‍්‍රීඩාශීලීත්වයේ ජීවගුණයෙන් හෙබි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත ජාතික මට්ටමේ වේදිකාවක ඔවුන්ගේ දක්‍ෂතා ප‍්‍රදර්ශනය සඳහා අවස්ථාව සැලසීමත් එම දක්‍ෂතා ජාතික සහ ජාත්‍යන්තර තලය දක්වා වර්ධනය කරවීමේත් අරමුණු පෙරදැරිව එය සංවිධානය කිරීමට යෙදිණි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාසල් වොලිබොල් තරගාවලය බවට පත්වූ මෙය හරහා මෙතෙක් ජාතික සහ ජාත්‍යන්තර තලයට පැමිණි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රැුසක් වෙති.
ආරම්භක අවස්ථාවේ පාසල් 198ක සහභාගීත්වයක් ලැබූ මෙම තරගාවලිය

 

මෙවර රට පුරා කණ්ඩායම් 5000 ක් පමණ සහභාගීවන තරගාවලියක් වෙතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
මෙම තරගාවලිය දිස්ත‍්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් ලෙස අදියර දෙකකින් යුක්තව පැවැත්වේ. ඒ අනුව මෙවර දිස්ත‍්‍රික් මට්ටමේ තරග අපේ‍්‍රල් 27 වැනිදා සිට මැයි 05 වැනිදා දක්වා ද, ජාතික මට්ටමේ තරග ජුලි මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරග ජුලි මස 27 සහ 28 දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී වයස අවුරුදු 11න් පහළ, 13 න් පහළ, 15න් පහළ, 17 න් පහළ සහ 19න් පහළ යන වයස් කාණ්ඩ ඔස්සේ බාලක බාලිකා දෙඅංශයෙන්ම තරග පැවැත්වේ.

 


මේ සඳහා වන අයැදුම්පත් අදාළ පාසල් මගින් සහ දිවයින පුරා පිහිටි DSI ප‍්‍රදර්ශනාගාරවලින් පෙබරවාරි 28 වැනිදායින් පසුව ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සම්පූර්ණ කරන ලද අයැදුම්පත් ළඟම ඇති ෘීෂ ප‍්‍රදර්ශනාගාරය වෙත භාර දිය හැකිය. නැතහොත් අංක 257. හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයේ පිහිටි ෘීෂ අලෙවි අංශය වෙත යොමුකළ හැකිය. අයැදුම්පත් භාර ගැනීම මාර්තු 29 වැනිදායින් අවසන් වේ.