මේක මගේ අන්තිම තරඟ කිරීම: සිරිතුංග ජයසුරිය

Monday, 11 November 2019

ජනාධිපතිවරණයට වැඩිම වාර ගණනක් තරඟ කළේ ඔහු සිරිතුංග ජයසුරියයි. එසේ ඔහු මිට පෙර තෙවරක් ජනාධිපතිවරණයට තරඟ කළා. නියෝජනය කරන්නේ එක්සත් සමාජවාදී පක්ෂයයි. මෙවරත් සිව් වන වරට එම පක්ෂය නියෝජනය කරමින් ඔහු ජනාධිපතිවරණයට තරඟ කරයි. මෙතෙක් ලාංකීය ඉතිහාසයේ එසේ සිව් වරක් ජනාධිපතිවරණයට තරඟ කළ කෙනෙක්ද නැත.

මෙසේ ඉදිරිපත් වීම ඔබේ තීරණයක්ද ?
මේක මහේ පුද්ගලික තීරණය නෙමෙයි පක්ෂේ මධ්‍යම කාරක සභාවේ තීරණයක්. මෙවරත් ඉදිරිපත් වෙන්නේ පක්ෂේ ඉල්ලීම නිසා ඒත් මේ පාරෙන් පස්සේ ඉල්ලන්නේ නැහැ

ඔබ එකතු වෙලා ඉන්නේ ප්‍රධාන අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීමටද ?
කිසිසේත්ම නැහැ. මම එකට සම්පුර්ණයෙන් විරුද්ධයි. මේකෙන් කරන්නේ ජනතාව නොමග යවන එක.

ඔබ එහෙම කිව්වට, ගින්නක් නැතුව දුමක් නගින්න විදියකුත් නැහැනේ නේද ?
මෙවර අපේක්ෂකයෝ 35ක්. සමහරු පැරිෂුට් කාරයෝ වගේ කොහෙන් ආවද කවුද කියලවත් දන්නේ නැහැ. ඒවගේම පක්ෂේකුත් නැහැ සමහරුන්ට. ප්‍රතිපත්ති නැහැ. වැඩපිළිවෙලවල් නැහැ. නියෝජනය කරන සමාජ බලවේග නැහැ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නම් සහයට ඩැනී ලා තමයි. නාම යෝජනා දවසෙම ඒක පැහැදිලි වුණා. කාටහරි කඩේ යන්න ඔහොඅ එන අය ලජ්ජා වෙන්න ඕන

මෙහෙම වුණාම අපේක්ෂකයන්ම බාල්දු වෙනවා
ඔව් එක තමයි මේවා ජනතාව තමයි ප්‍රතික්ෂේප කරන්න ඕන. මේවගේ අය නිසා වැඩපිළිවෙලක් තියෙන අයටත් සමාජෙන් ලැබිය යුතු තැන නැති වෙලා.මේ විහිලුවට එරෙහිව තමයි අපි වැඩ කරන්නේ.

ඔබලාගේ අරගලය කුමක් වෙනුවෙන්ද ?
අපි මෙතෙක් සමාජේ ගිදක් ප්‍රශ්න වලට අරගල කළා. ඒ අතරේ තමයි මැතිවරණය ප්‍රකාශයට පත් වුණේ. වම ශක්තිමත් කිරීම සමාජ වාදය ඉහළටම ඔසවා තැබීමයි අපේ අරමුණ. මේ රටේ තියෙන්නේ එකම තැන පල වෙන ප්‍රශ්න ටිකක්.

ජන්ද පදනම කොහොමද ?
අපේ අසන්න ඉලක්කය ජයග්‍රහණය නෙමෙයි. අපේ ඉලක්කය සමාජවාදී මතය මේ රටේ ස්ථාපිත කිරීම. අපේ මතයක් සමාජයට යන්න මධයෙන් ඉඩක් දෙනවද? සමහරු අපි තරඟ කරවද කියලවත් දන්නේ නැහැ. ඒ නිසා ජන්ද ප්‍රමාණය කියන ඉලක්කයට වඩා අපේ මතය ස්ථාපිත කිරීමට අපි උත්සහ ගන්නවා. මේක දිගු කාලින ගමනක්. අපේ අදහස් වියාප්ත වන ප්‍රමාණයට අපිට ජන්ද ලැබෙයි.

ඔබලාගේ ජන්ද වියාපාරයට කෙතරම් මුදලක් යට කරනවා ද ?
ප්‍රධාන ධාරාවේ ඉන්න අය එක රැළියක් තියන්න ලක්ෂ විසිපහකට වඩා වැය කරනවා.සමහරු ඊටත් වැඩියි. ඒත් අපේ මුළු වියාපාරයටම යන්නේ ලක්ෂ තුනහමාරක්. සීමිත ක්‍රියාකාරිත්වයක් වැඩ කරනවා. පත්‍රිකා කුඩා ප්‍රමාණයක්. එකට සාපේක්ෂව තමයි අපිට ලැබෙන ජන්ද ප්‍රමාණය දිහා බලන්න වෙන්නේ.