මේවගේ අසරණ වෙලාවක ක්‍රිකට් පිටියක් අනවශ්‍යයි – රොෂාන් මහානාම

Tuesday, 19 May 2020

ලොව දැවැන්ත රටවල් පවා මහාපරිමාන ඉදිකිරීම් නවතා දමා ඇති මොහොතක ලංකාව ලොකුම ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යාම නාස්තිකාර කටයුත්තක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි .

අදාළ මුදල් යොදවා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට හෝ මේ අවස්ථාවේ අසරණව සිටින ක්‍රීඩකයන් බලා ගැනීම සුදුසු බව ඔහු අප කල විමසීමට පිළිතුරු දෙමින් පැවසිය

ලංකාවට ඇති තරම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටි ඇති බවත්, අවුරුද්දේ වැඩි කාලයක් එම ක්‍රීඩා පිටි වසා දමා ඇති බවත් හම්බන්තොට ක්‍රීඩාංගණය ඉදිකිරීමට ගිය මුදලින් තවත් මිලියන ගණනක් ගෙවා දැමීමට ඇති බවද ඔහු පෙන්වා දෙයි

මේ අතර මහේල ජයවර්ධන ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම කටයුත්තට විරෝධය පළකර තිබූ අතර යෝෂිත සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ට ඊට විරෝධය පල කර තිබිණි