රවිගේ මීලග සැලසුම. අශ්ගේ දේශපාලන කොලම

Saturday, 20 April 2019

ඇමති රවී” අද දිනට කාලෝචිත මර්තෘකාවකි. කාලෙන් කල ඔහු කරළියේ පුවත් මැවුවේය. අද අළුතෙන්ම ඔහු සකසන්නේ විදුලි බලය උත්පාදනය කිරීම සඳහා පියවරකි. එහිදී සිදුවන වියදම ආවරණය කිරීම සඳහා රුපියල් බිලියන 50ක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මහා භාණ්ඩාගාරයෙන් ඔහු විසින් ඉල්ලා තිබේ.

අමාත්‍ය රවී කරුණානායක කෙසේ හෝ උත්සහ කරන්නේ තමන්ගේ විෂය නිසිලෙස හසුරුවිමටය. මේ හේතුව නිසා අඛණ්ඩ විදුලි සැපයුමට දැඩි බාධාවක් එල්ල වන බවද පෙන්වාදී ඇති ඇමැතිවරයා විදුලි ඒකකයක යන වියදමට වඩා අඩු මුදලකට පාරිභෝගිකයන්ට විදුලිය ලබා දෙන බවත් එම පාඩුව අවම කර ගැනීමට අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් විදුලි කප්පාදුවට ඉහතදීත් මෙරට විදුලි භාවිතයට නිසි ලෙස සැපයුමක් ලබා දීම ගැටළුවක්ව තිබිණි. මෙම ගැටලුව මෑතකදී හෝ ඇමතිගේ දෝෂයක් නිසා හට ගත් නිසවක් නොවන්නේය. කෙසේ වෙත්ත රවී කරුණානායක මහතා දීර්ග කාලින තුරුම්පුවක් ගසනු ඇත.

කුම විවේචන තිබුනත් මුදල් අමාත්‍යංශයේදී වුවද ඇමති රවී කල සිද්ධාන්තයක් ඇත. ප්‍රශ්න මතුවන තැනකට හේත්තු කරමින් එජාපය මේ සැරේද ඔහුව සිර කළේය. මෙතරම් දේවල් කරන්නේ ඔහුව පක්ෂයෙන් නෙරපීමට විය යුතුය. එසේ නැත්නම් ඔහුට පක්‍ෂය එපා කරවන්නටය. මන්ද ඔහුගේ හිදිම සමහරුන්ට දරුණු පහරක් වන බැවිනි. මෙතෙක්වූ දේවල් සමග ඇමති රවී නොගිය දීගයන් දැන් කෙසේවත් යන්නේ නැති බව රනිල්ටද නොතේරෙන එක පුදුමයකි. රනිල් ද හොදින්ම රවිව කපන්නේය.

අද කරලියේ රවී සජිත් ගැටුමය. මේ නිර්මාණය වන්නේ කුමක් වුවත් මෙතුලින් ජන්ද දායකයා මුලා වන බවත් පක්‍ෂයේ වුන් තේරුම් ගත යුතුය. සියල්ල නුදුරේදී සටහන් වන මනාපයේ කොටසක් වනු ඇත.

විදුලි අර්භුදයටද ඔහුට විරුද්දව එජාපයේ වුන්ද අටුවා ටීකා බදින්නට විය. කෙසේ වෙත්ත දැනට අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් තාප විදුලි බලාගාර වලින් විශාල වශයෙන් විදුලිය ලබා ගනිමින් සිටින නිසා ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට තෙල් සංස්ථාවට මුදල් ගෙවිය යුතු යැයි ඇමැති රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

පවතින ආදායම වියදම පරතරය තුළ අදාළ ගෙවීම් කිරීමට විදුලි බල මණ්ඩලයට යම් කාලයක් ගතවන නිසා මුදල් නොගෙව්වොත් තෙල් සංස්ථාව තෙල් ලබාදීම නවතා දමනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දී ඇත.

මේ හේතුව නිසා අඛණ්ඩ විදුලි සැපයුමට දැඩි බාධාවක් එල්ල වන බවද පෙන්වාදී ඇති ඇමැතිවරයා විදුලි ඒකකයක යන වියදමට වඩා අඩු මුදලකට පාරිභෝගිකයන්ට විදුලිය ලබා දෙන බවත් එම පාඩුව අවම කර ගැනීමට රුපියල් බිලියන 50 ක මුදල ලබා ගැනීමට යෝජනා කර තිබේ.

මෙම යෝජනාව එන අඟහරුවාදා දිනයේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය. සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් සඳහා යෝජනා වී තිබූ මුදල රුපියල් බිලියන 50ක පමණ වූ මුදලකි.

දැනට අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් තාප විදුලි බලාගාර වලින් විශාල වශයෙන් විදුලිය ලබා ගනිමින් සිටින නිසා ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට තෙල් සංස්ථාවට මුදල් ගෙවිය යුතු යැයි ඇමැති රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ. පවතින ආදායම වියදම පරතරය තුළ අදාළ ගෙවීම් කිරීමට විදුලි බල මණ්ඩලයට යම් කාලයක් ගතවන නිසා මුදල් නොගෙව්වොත් තෙල් සංස්ථාව තෙල් ලබාදීම නවතා දමනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දී ඇත.

කෙසේ වුවත් අපි බලමු ඉදිරිය. ඒ ජනතාව ලෙස හෙට අපිට උරුම රටක් තිබෙන්නට අවශ්‍ය නිසාය.

අශ්වරු.