ලංකාව සමඟ තරග කරන කොදෙව් සංචිතය

Wednesday, 5 February 2020

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්දින තරගාවලියට සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය මේ වන ඊට නම් කර ඇත. එම සංචිතයට ෂිම්රොන් හෙට්මයර් සහ එවින් ලුවිස් නම් කර නොමැත.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතය. දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් කොදෙව් සංචිතය ඊයේ නම් කළේය.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවු බැවින් එම සංචිතයේ ස්ථාන ෂිම්රොන් හෙට්මයර්ට සහ එවින් ලුවිස්ට අහිමි වී තිබේ. මේ අතර මාස 7කට පසු ඩැරන් බ්‍රාවෝ කෙදෙව් සංචිතයට කැඳවා ඇති අතර ඔහු අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළේ පසුගිය ජුනි මාසයේදීයි.

පසුගිය වසරේදී ආබාධවලට ලක්ව සිටි රෝමන් පවෙල් සහ ෆැබියන් ඇලන් පූර්ණ සුවය ලැබීමත් සමඟ නැවතත් එක්දින සංචිතයේ ස්ථාන වෙන් කර ගැනීමට සමත්ව තිබේ. කොදෙව් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ ඇෆ්ගනිස්ථාන තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගත් අතර ඉන්දියාව සමඟ පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ එක් තරගයක් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණි.

කොදෙව් කණ්ඩායම එළඹෙන 8 වැනිදා ශ්‍රී ලංකාව බලා පැමිනෙන අතර දෙරට අතර එක්දින තරගාවලිය පෙබරවාරි 22 වැනිදා ආරම්භ වීමට නියමිතය.