ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද

Saturday, 6 July 2019

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ලීඞ්ස්හිදී අද පැවැත්වෙනවා. ඒ, ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම සමගයි. ලීඞ්ස්හි තණතීරුව පිතිකරුවන්ට වාසිදායක වනු ඇත.

මේ අතර බංග්ලාදේශය සමග ඊයේ පැවැති තරගයෙන් ලකුණු 94ක ජයක් අත් කර ගැනීමට පකිස්තාන කණ්ඩායම සමත්වුණා. කෙසේවෙතත් එම ජයග‍්‍රහණය පකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ප‍්‍රමාණවත් වූයේ නැහැ. කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් පකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 315ක් රැස් කළා. ඉමාම් උල්හක් ලකුණු 100යි. බාබර් අසාම් ලකුණු 96ක් රැස් කළා. පන්දු යැවීමේදී මුස්තාෆිසූර් රහමන් ලකුණු 75කට කඩුළු 05ක් දවා ගත්තේය.

පිළීතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 44 යි එක් පන්දුවකදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 221ක් ද ශකීබ් අල් හසන් ලකුණු 64ක් රැස් කරමින්  පන්දු යැවීමේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ යොවුන් කී‍්‍රඩක ශහීන් ෂා අෆ්රිඞී ලකුණු 35කට කඩුළු 06ක් බිඳ හෙලූවේය. අවුරුදු 19 යි දින 91ක් වයසැති ශහීන් ෂා අෆ්රිඞීගේ මෙම දස්කම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වාර්තා වූ හොඳම පන්දු යැවුවේය.