සහරාන්ගේ බිරිද සහ දරුවා CID බාරයට

Thursday, 16 May 2019

පාස්කු ඉරිදා දිනයේ මෙරට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයන්හි ප‍්‍රධානියා වන සහරාන් හසීම්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා කාදියා සහ සිවු හැවිරිදි දියණියද සමගින් රහස් පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

දියණියට බාරකරුවකු නොමැති වීම හේතුවෙන් මව බාරයේ සිටින්නීය. ෆාතිමාට සහ දරුවාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර දිගටම ලබා දීමට කටයුතු යොදා තිබේ.

අපේ‍්‍රල් 26 වන දා කල්මුනේ සයින්දමර්දු ප‍්‍රදේශයේදී බෝම්බ පුපුරවාගැනීමෙන් පසු කිහිප දෙනෙකු මිය ගොස් සහරාන්ගේ බිරිද හා දියණිය බරපතල තුවාල ලබා තිබියදී හමුදාව විසින් අම්පාර රෝහලට ඇතුළත් කරන ලදී.

පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර එවන ලද ඇය එහි ප‍්‍රතිකාර ලබද්දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.