හිස්බුල්ලාගේ ප්‍රකාශයට ඔහුව අත්අඩංගුවට ගත හැකි බව නීති වේදීන් පේනවා දෙයි

Tuesday, 11 June 2019

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී සිදුකළ ප‍්‍රකාශය පදනම් කර ගනිමින් ඔහු අත්අඩංගුවට ගත හැකි බව නීතිවේදීන් පවසයි.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත අනුව ඔහුගේ මෙම ප‍්‍රකාශය ජාතීන් අතර වෛරය පතුරුවන ප‍්‍රකාශයක් බව නීතීඥ සංවිධානය එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

හිටපු ආණ්ඩුකාරවරයා කාත්තන්කුඩි නගරයේ ඉස්ලාම් දේවස්ථානයකදී ප‍්‍රකාශ කර තිබුණේ මුස්ලිම් ජනතාව මෙරට සුළු ජාතියක් වුවද ජාත්‍යන්තරය තුළ මහ ජාතියක් බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළදා මාළිගාව ඉදිරිපිට සිදුකළ උපවාසයට පැමිණි ඇතැම් භික්ෂු වහන්සේ වැරදි සහගත ප‍්‍රකාශ සිදුකළ බවත් ඔහු පවසා තිබිණි.