හෙල්දි ලයිෆ් ක්ලිනික්

Sunday, 15 March 2020

2020 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා මාර්තු මාසයේදී හෙල්දි ලයිෆ් ක්ලිනික් වෙතින් නොමිලේ රෝග නිවාරණ සැසි

  • මාර්තු 20 සුප‍්‍රසිද්ධ දියවැඩියා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හා පවුලේ වෛද්‍යවරුන් සමඟ නොමිලේ සෞඛ්‍ය පරීක්ෂාවක්
  • මාර්තු මාසය තුළ කාන්තාවන් සඳහා වන සියලූම පැකේජ හා සේවාවලට 10%ක වට්ටමක්

කොළඹ ප‍්‍රධාන පෙළේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වන හෙල්දි ලයිෆ් ක්ලින්ක් 2020 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් චර්ම රෝග, අන්තරාසර්ග විද්‍යාව, දියවැඩියාව, පෝෂණය සහ පවුල් සම්බන්ධ ගැටළු පිළිබඳ සුප‍්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන් කිහිපයකගේ සහභාගීත්වයෙන් මාර්තු මාසය පුරාවට නොමිලේ රෝග පරීක්ෂාව හා විශේෂඥ උපදේශන සැසි මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී මාර්තු මාසය තුළ කාන්තාවන් සඳහා වන සියලූම පැකේජ හා සේවා වලින් 10%ක වට්ටමක් හිමි වීමද විශේෂත්වයකි.

කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටළු කල්තියා හඳුනාගැනීමට හා ඒවා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට ලබා දෙන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස මාර්තු 7වන දින පැවති හෙල්දි ලයිෆ් ක්ලිනික් හි පළමු සැසියේදී ඔස්ටියෝපොරොසිස් අවදානම් පරීක්ෂාව මෙන්ම අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය, ශිවධර්ශියා පද්මනාදන්, මහත්මිය සමඟ කතාබහ කිරීමට හා වෛද්‍ය වාර්තා සාකච්ඡා කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලැබිණි. දෙවන සැසිය මාර්තු 11 වනදා පැවති අතර එහිදී චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, නයනා පෙරේරා, මහත්මිය හමුවීමට හැකියාව ලැබුණි. එහිදී ඒ ඒ පුද්ගලයින්ට ඔවුන්ගේ සමේ වර්ගය හඳුනා ගැනීමට, සමේ ඇතිවන  ඕනෑම රෝග තත්වයන් පිළිබඳ පරීක්ෂා කිරීමට හා කෙනෙකුගේ සම නිරෝගීව පවත්වා ගෙන යාම පිළිබඳව උපදෙස් ලබා දීම ආදිය සිදු විය.

මාර්තු 20 වනදා පැවත්වෙන අවසාන සැසියේදී කාන්තාවන් සඳහා රුධිරගත සීනි පරීක්ෂාව, රුධිර පීඩනය, BMI පරීක්ෂාවන් ආදිය සඳහා අවස්ථාව හිමි වන අතර වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි, වෛද්‍ය රුවයිස් හනීෆා, සහ වෛද්‍ය රුවනි ගුණවර්ධන ආදී රටේ කීර්තිමත් පවුලේ වෛද්‍යවරුන් සමඟ උපදේශන සේවා ලබා ගැනීමට ද හෙල්දි ලයිෆ් ක්ලිනික් අවස්ථාව ලබා දෙයි.

2020 ජාත්‍යන්තර කාන්තා දිනය යනු සමාජ ආර්ථික සංස්කෘතික සහ දේශපාලනමය වශයෙන් කාන්තාවන් විසින් ලබා ගන්නා ජයග‍්‍රහණයන් ඇගයීම සඳහා වෙන්වූ ගෝලීය වශයෙන් වැදගත් දිනයකි. මේ වසරේ කාන්තා දිනයේ තේමා පාඨය වී ඇත්තේ ‘සමාන ලෝකය යනු ශක්තිමත් ලෝකයකි’ යන්නයි. ප‍්‍රජාවන්ගේ, සේවා ස්ථාන හා පවුල්වල ස්ත‍්‍රී පුරුෂ පරතරය අවම කර ගැනීමට සහ ඔවුන්ගේ රටවල හා ප‍්‍රජාවන් වෙනුවෙන් ඔවුන් ඉතිහාසයේ සිදු කළ සුවිශේෂී වූ කාර්යභාර්යය සහ කාන්තාවන් විසින් ඔවුන් ලබා ඇති ප‍්‍රගතිය, වෙනසක් ඉල්ලා ඔවුන් නැගූ හඬ සහ ධෛර්යය හා අධිෂ්ඨානය සපිරි ඔවුන්ගේ ක‍්‍රියාවන් ආදිය මින් පිළිබිඹු වෙයි.

හෙල්දි ලයිෆ් ක්ලිනික් යනු හඳවත බඳු කොළඹ නගරයේ පිහිටා ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකි. දියවැඩියා ප‍්‍රතිකාර සඳහා විශේෂයෙන්ම වෙන් වූ මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවුල් සෞඛ්‍ය සේවා ආයතික යහපැවැත්ම හා වැඩිහිටි ප‍්‍රතිකාර සඳහා පුළුල් පරාසයක විහිදී ගිය එක් එක් පුද්ගලයින් සඳහා වූ විසඳුම් ද ලබා දෙයි.