ෆයිට් කැන්සර් කණ්ඩායම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරයි

Friday, 21 February 2020
ඉකුත් 2019 දෙසැම්බර් 12 වනදා මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක පූර්ණව රජයට අයත් බැංකු ගිණුම් වාර්තාවක් ගෙන එයින්  අඩක් අතින් වසාගෙන රූපවාහිනී නාලිකාවන්ට පෙන්වමින් එය ෆයිට් කැන්සර් කණ්ඩායමේ සභාපති M S H මොහොමඩ් මහතාගේ  බවට  සාවද්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් මහජනයා නොමග යැවීමට සහ ජාතීන් අතර අසමගිය වර්ධනය කිරීමට කටයුතු කිරීමට ඒරෙහිව ඉකුුුුත් 17 දින M S H මොහොමඩ් මහතා ප්‍රමුඛ ෆයිට් කැන්සර් කණ්ඩායම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළේය. වෛද්‍යවරයා විසින්  සාවද්‍ය තොරතුරු පතුරුවා මහජනයා තුළ ජාතීවාදී කැළඹීමක් ඇතිකොට නොමග යැවීම මේ වන තෙක්ම සිදු වූ බවත් ඒ හරහා අසරණ පිළිකා රෝගීන්ට නොමිලේ හිමි වීමට නියමිත ස්කෑන්ස් යන්ත්‍ත්‍ර 2ක් අහිමි වීමේ අවදානමක් පවතින බවත් එබැවින්  නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවත් වැඩිදුරටත් ෆයිට් කැන්සර් කන්ඩායම ප්‍රකාශ කර සිටියි.
 
ෆයිට් කැන්සර් කන්ඩායම විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කළ RTI වාර්තාවක් හරහා වෛද්‍යවරයා ජනතාව නොමග යැවීමට පාදක කරගත් බැංකු ගිණුම පූර්ණව රජයට අයත් බැංකු ගිණුමක් බව තහවුරු කරගැනීමට සහ ඒ පිළිබද විශ්ලේෂණාත්මක තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ෆයිට් කැන්සර් කණ්ඩායම කටයුතු කර ඇති අතර එම වාර්තාවද  පැමිණිල්ල සමග කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  භාර දීමට කටයුතු කර ඇත.
 ඉකුත් දෙසැම්බර් 12 වනදා රෝහල් අධ්‍යක්ෂවරයා මාධ්‍යට මොහොමඩ්ගේ ගිණුම යයි පවසමින් පෙන්වා ඇත්තේ  මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පවත්වාගෙන යන ගිණුමක් වන ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේ මහරගම ලංකා බැංකු ශාඛාවේ තිබෙන 71275069 දරණ  ගිණුමේ වාර්තාවයි.  ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේකම් ගණකාධිකාරීවරයාට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරීන් යටතේ පමණක් පවතින මෙම ගිණුම  පරීක්ෂාවට සිය පරිගණකයෙන් පරීක්ෂා කිරීමට අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයාටද බලය ලබා දී තිබේ. එම බලධාරීන් හැර වෙනත් කිසිදු පිටස්තර ජනතාවට හෝ ෆයිට් කැන්සර් කණ්ඩායමට හෝ එම ගිණුම පරීක්ෂා කිරීමට තරම්වත් නෛතික බලයක් ලබා දී නොමැත. 1981 වසරේ අංක 13 දරණ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල පනතින් ආරම්භ කළ අරමුදල යටතේ 2010 වසරේ මෙම ගිණුම ආරම්භ කර ඇත. එය බැංකුවට ගොස් පරීක්ෂා කිරීමට තරම්වත් නෛතික බලයක් ෆයිට් කැන්සර් කණ්ඩායම වෙත හෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හා පිළිකා රෝහලේ බලධාරීන්පිගෙන් පිටත කිසිදු සිවිල් වැසියෙකුට වෙත ලබා දී නොමැත. එනිසා  ඉකුත්   2019 දෙසැම්බර් මස ෆයිට් කැන්සර් කණ්ඩායම මහරගම පිළිකා රෝහලේ ගණකාධිකරණ අංශය වෙත ඉල්ලීමක් යොමු කර  71275069 දරණ ලංකා බැංකු  ගිණුමේ   වාර්තාවක් ලබා ගැනීමෙන් පසු ලද වාර්තාවත් වෛද්‍යවරයා රූපවාහිනී නාලිකාවලට පෙන්වූ වාර්තාවත් එක්ව සැසදූ විට  ඒ් ද්විත්වයම එකක් බව අනාවරණය විය.  මෙම සටහන සමග එම වාර්තාවන් 2ම අමුණා එවා ඇත.
 
 ඉකුත් අප්‍රේල් 23 වනදා  පූර්ණව රජයට අයත් එම ගිණුමට රුපියල් කෝටි 2කට අධික මහජනයා පරිත්‍යාග කර තිබූ ආධාර මුදල ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ ඉකුත් දෙසැම්බර් මසදී කළ මාධ්‍ය හමුවේදී හුවා දැක්වීමට කටයුතු කර තිබුණි. නමුත් සත්‍ය තත්වය වී ඇත්තේ එම රුපියල් කෝටි 2කට අධික මුදල ඉකුත් අප්‍රේල් 19 වනදා සිට 23 වනදා දක්වා මහජනයා අටදහස් හයසිය හතලිස් අට දෙනෙක් එම පූර්ණ රාජ්‍ය ගිණුමට පරිත්‍යාග කළ  මුදල්වල එකතුව බවද බැංකු වාර්තාවන් සනාථ කර ඇත. අප්‍රේල් 22 ඉරිදා දිනයක් විය. එය බැංකු නිවාඩු දිනයකි. පාස්කු ප්‍රහාරයට පෙර එළඹි සිකුරාදා දිනය මහසිකුරාදා දිනයක් වූ අතර සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දිනයන්  3ම බැංකු නිවාඩු දිනයන් ලෙස සටහන්ව ඇත. එම නිසා මහසිකුරාදාට පෙර බ්‍රහස්පතින්දා සිට සදුදා දක්වා  මෙරට සහ විදේශයන්හි ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාලය හරහා සහ බැංකුවට පැමිණ තැන්පත්  තැන්පත් කළ සියලු මුදල් නිල වශයෙන් ගිණුමට බැරව තිබුණේ වැඩ කරන දිනයක් වූ අප්‍රේල් 23 සදුදා දිනයේදීය. නමුත් මෙම කරුණු වසන් කර අප්‍රේල් 23 වනදා මොහොමඩ්ගේ ගිණුමට  එක්වර යම් කෙනෙක් කෝටි 2ක් බැර කර ඇති සෙයක් මාධ්‍යට හැගවීමට කටයුතු කරමින් ජාතීන් අතර අයහපත් කැළඹීම් ඇතිකරවන සුලු ජාතීවාදී ප්‍රකාශ කිහිපයක්ම ඉකුත් දෙසැම්බර් ප්‍රධාන රූපවාහිනී නාලිකාවලට ප්‍රකාශ කිරීමට කටයුතු කළේය. මින් පෙර අප්‍රෙල් 22 පාස්කු ප්‍රහාරයෙන් පසුද ඇතැම් මුද්‍රිත මාධ්‍යන්ට සහ සමාජ මාධ්‍ය ඔස්සේ වරක් නිර්නාමිකව සහ නාමිකව පෙනී සිටිමින්ද මෙම සාවද්‍ය  තොරතුරු පැතිරවීමට කටයුතු කර තිබුණි.
 මහරගම පිළිකා රෝහල වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පවත්වාගෙන යන ලංකා බැංකු මහරගම ශාඛාවේ ඇති ගිණුම් අංක  71275069 දරණ  ගිණුම සෞඛ්‍ය අමාත්‍යංශයේ) ඉහළම බලධාරීන්ගේ අධීක්ෂණයට පමණක් යටත්ව පවත්වාගෙන යන ගිණුමකි.
 
මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතාටද නිරන්තරයෙන් එම ගිණුම සිය පරිගණකය ඔස්සේ පරීක්ෂා කිරීමේ හැකියාව ලබා දී තිබෙන බව ඉකුත් අප්‍රේල් මස වීඩීයෝ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් රෝහල් අධ්‍යක්ෂවරයාම තහවුරු කර ඇත. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝ පටයයි.   https://www.youtube.com/watch?v=AtwN7sOnFho
 
මේ සියලු හානිකර කටයුතු නිසා මින් ඉදිරියට රෝහලට සහය දැක්වීමට ඉදිරිපත් වන පිරිස පසුබට වන බවත් එය දුප්පත් පිළිකා රෝගීන්ට ඉතා අහිතකර බලපෑමක් එල්ල කරන බවත් පිලිකා මර්ධනය සදහා රජයේ පිලිකා රෝහලට උසස් තාක්ෂණය පැමිණීය වලකින බවත් බව ෆයිට් කැන්සර් කණ්ඩායමේ නායක එම්එස්එච් මොහොමඩ් මහතා පෙන්වා දෙයි.