20 සම්මත වුණොත් අර්ජුනට වෙන දේ

Monday, 4 June 2018

ජවිපෙ ගෙනා විසි වන සංශෝධනය අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන බලය බෙදීම සම්බන්ධයෙන් කටයුතු කරන මහ බල සම්පන්න ජනාධිපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර කැමැත්තෙන් බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

වැඩිදුරටත් ඔහු මෙසේද පැවසිය .. “වර්තමාන අගමැතිට ඉන්නේ මන්ත්‍රිවරුන් 107යි. නමුත් දයාසිරි මන්ත්‍රිතුමාගේ හෙලිදරව්ව අනුව අර්ජුන් ඇලෝසියස්ට නම් මන්ත්‍රිවරුන් 118 කගේ කැමැත්ත සහයෝගය තිබෙනවා. එහෙම නම් විස්ස සම්මත වුණොත් ඒ යටතේ පළමු ජනාධිපති වන්නේ ඉතිහාසයේ ලොකුම හොරා වන අර්ජුන් ඇලෝසියස්ය කියන එක ඉතාම කණගාටුවෙන් වුණත් රටට දැනුම් දෙන්න කැමතියි”.