2011 තීරණවලට ක්‍රීඩා ඇමැතිත් සම්බන්ධයක් 

Saturday, 20 June 2020
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී සචින් තෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර ෂෙවාග් පළමු කඩුලු දෙක ලෙස දවාලූ ලසිත් මාලිංග ද මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් ඇති වී ඇත.
ඒ අනුව ලසිත් මාලිංග සිය මුහුණු පොතී සටහනක් තබමින් පවසා ඇත්තේ “කළා කියලා දන්නවා නම් කරපු අය දන්නවා නම් ඔප්පු කරන්න” යනුවෙනි.
මේ අතර 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ කණ්ඩායම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත්ව එළඹුණු ඒවා බව එවකට ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිි අරවින්ද ද සිල්වා ප්‍රකාශ කළේය
ඔහු කියා සිටියේ මෙම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.