විෂන් කෙයා

Monday, 24 February 2020

විෂන් කෙයා ආයතනයේ හැඩකාර ඇස් කණ්ණාඩි සමග මේ වැලන්ටයන් දිනයේ ‘Eye Love You’ කියන්න

ඔබට සුවිශේෂී ආදරණීයයාට මන බැදෙන වැලන්ටයින් තෑග්ගයක් ලබාදෙමින් මේ වැලන්ටයින් දිනය වඩාත් ආදරණීය කිරීමේ අවස්ථාව උදාකර දීමට ශ‍්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින අක්ෂි පළදනා සන්නාමය වූ විෂන් කෙයා ආයතනය පොරොන්දු වේ.

මෙහිදී ‘ආදරය දෙමින් වැඩිපුර ආදරය ලබාගන්න’ අදහස පෙරදැරිව ඔබේ ආදරණීයන්ගේ ඇස්වලටත් ආදරය කරන්න ඔබට අවස්ථාවක් උදාකරදෙයි. විෂන් කෙයා ආයතනය එළඹෙන වැලන්ටයින් දිනයේ දී අව් කණ්ණාඩි සදහා 20%ක ආකර්ෂණීය වට්ටමක් ලබාදෙයි. ත්‍යාගයක් ලබා දී සතුටු කරන්නට අමාරුම දිනයවන වැලන්ටයින් දිනයේ ඔබ ලබාදෙන මේ තෑග්ග ආදරණීය හැගීම් පුබුදු කරන ඔබේ ආදරය නිතර නිතර මතක් වෙන දිගුකල් පවතින තෑග්ගක් වනු ඇත. පෙබරවාරි මස 22වැනිදා දක්වා මේ සුවිශේෂී දීමනාව අත්වි`දීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලැබෙන අතර එහිදී ලොව පිළිගත් සන්නාමයන්ගේ අව් කණ්ණාඩි විවිධ හැඩයෙන්, වර්ණයෙන් සහ විලාසිතාවන්ගෙන් තෝරාගැනීමේ අවස්ථාව ඇත. tinted glasses වල chic  shades දක්වා  ඕනෑම ආකාරයක කණ්ණාඩි වර්ගයක් තෝරාගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ. ගෞරවණීය අව් කණ්නාඩි සහ ලොව ප‍්‍රචලිත සන්නාමයන් නිර්මාණය කිරීම වෙනුවෙන් බලපත‍්‍ර හිමි මිලාන් නගරය ප‍්‍රමුඛ කරගත් ලොව ලොකුම ඇස් කණ්ණාඩි නිෂ්පාදනය ආයතනය Luxottica Group හී නිපදවන කාන්තාවන්ට සහ පිරිමින් ගැළපෙන Ray Ban, Vogue, Emperor Armani, Polaroid, Vintage, Polarsun, Carrera, Michael Kors, Prada, Bvlgari, Coach, Oakley Gucci and Porsche ආදී සියලූම සන්නාමයන් විෂන් කෙයා ආයතනයේ අලෙවියට තිබේ. එසේම සන්නාමයන් පැළදීමට ආසකරන ඔබේ ආදරණීයයාට වඩාත්ම ගැළපෙන ලොව පිළිගත් සන්නාමයන් අතරින් ගැළපෙන අව් කණ්ණාඩිය තෝරාගැනීමේ අවස්ථාව සැමට උදාකර දී තිබේ.

සිය හැඩකාර සන්නාමයන් සහ පාරිභෝගික සේවාවේ වෘත්තීයභාවය නිසා ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ඉහළ තලයේ විලාසිතා ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන ඇස් කණ්ණාඩි අනුග‍්‍රහකයා ලෙස තම දායකත්වයක් ලබාදෙන විෂන් කෙයා ආයතනය ඉහළ අගයක් ඇති සන්නාමයන් බලාපොරොත්තුවෙන් එන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉහළින්ම සැපිරීම වෙනුවෙන්  කටයුතු කර තිබේ. ඉහළ පාරිභෝගික සේවාවක් ලබාදෙමින් සහ සැමවිටම පවතින විලාසිතා ප‍්‍රවණතාවයන්ට වඩා ඉදිරියෙන් සිටින විෂන් කෙයා ආයතනය ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී අක්ෂි ආරක්ෂකයා ලෙස ඉහළින්ම වැජඹෙයි. පාරිභෝගිකයන් තමන්ගේ හැගීමට සහ තමන්ගේ පෞද්ගලික කැමැත්තට ඇස් කණ්ණාඩි තෝරාගන්නා බව හො`දින් දන්නා විෂන් කෙයා ආයතනය එසේ කිරීමේ හැකියාව ලැබෙන පරිදි විවිධ විලාසිතාවන්ගේන්, විවිධ වර්ණයෙන්, ලොව ප‍්‍රචලිත සන්නාමයන්ගෙන් සමන්විත ඇස් කණ්ණාඩි විශාල ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනයට තබා තිබේ. එසේම ඉහළ වෘත්තීය අත්දැකීම් ඇති මනාව පුහුණු කළ කාර්ය මණ්ඩලයකගේ සේවාව ලබාගනිමින් ඔබේ ආදරණීයයාට අවශ්‍ය කණ්ණාඩි යුගල ඔබට තෝරාගත හැක.

ඇස් පළදනා ලෙස සැළකීමේ දී සියලූ අවශ්‍යතාවයන්ට එකම නැවතුම ලෙස විෂන් කෙයා ආයතනය සැළකිය හැක. ඉහළ තාක්ෂණික උපකරණ භාවිතාවෙන් සිදුකරන ඇස් පරීක්ෂා, රෝග හ`දුනාගැනීම සහ ඉතාම නිවැරදි අගයන්ට අනූව ඇස් කණ්නාඩි නිර්මාණය කිරීම ම`ගින් ඔබේ පෙනීමේ දුර්වලතාවය හරියටම ගැළපෙන විස`දුම ලබාදීමේ හැකියාව ඔවුන් සතුව පවතී. උසස් තත්ත්වයේ, උසස්ම නිරවද්‍යතාවයේ අක්ෂි කාච සහ අක්ෂි සෞඛ්‍ය සහ ශ‍්‍රවණ උපකරණ එකම වහළක් යට මිලදී ගැනීමේ අවස්ථාව විෂන් කෙයා ආයතනය පාරිභෝගිකයන්ට උදාකර දී තිබේ.