ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු දිවියෙන් සමුගනී

Wednesday, 29 April 2020

ලාංකික සිනමාවේ සටන් කලාවට නවමානයක් ගෙනා සටන් නළුවෙකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහ අභාවප්‍රාප්ත වී ඇත.

සටන්කාමී චරිතාංග ඇතුළත් චිත‍්‍රපට 100කට පමණ තම ප්‍රතිභාපූර්ණ දායකත්වය ලබා දුන් ඔහු බොක්ස්ඔෆික්ස් වාර්තා පිහිට වූ රුහුණු කුමාරි, හාරලක්ෂය, සරදියෙල්ගේ පුතා, රජගෙදර පරවියො, රක්තා, සූරයන්ගෙන් සූරයා සහ තුෂාරා වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ ඔහු ප්‍රතිභාපුර්ණ කලාකරුවෙකි