ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ජනාධිපති අතර හමුවක් …. 

Saturday, 24 August 2019

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂාන්ක් මනෝහර් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(23) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී හමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම පිළිබඳ සභාපතිවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ක්‍රිඩාව දේශපාලන මැදිහත්වීම් හා බලපෑම්වලින් තොරව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.