බොලිවුඩයේ ජනප්‍රිය නළු ඉර්ෆාන් ඛාන් දිවි රගමඩලෙන් සමුගනී.

Wednesday, 29 April 2020

බොලිවුඩයේ ජනප්‍රිය නළු ඉර්ෆාන් ඛාන් ඔහුගේ සෞඛ්‍ය තත්වය හදිසියේම පිරිහීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර අද දින මුම්බායි හි කොකිලා බෙන් රෝහලේදී ඔහු මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහුගේ මවද මීට දින කිහිපයකට පෙර මිය ගොස් තිබුණා.