ITN ‘ලියවරුණ’ 217

Thursday, 16 March 2017
ජගත් කාන්තා දිනයට සමගාමීව ස්වාධීන රූපවාහිනී සේවය විසින් සංවිධානය කල ලියවරුණ’ විශේෂ කාන්තා දින වැඩසටහන පසුගියදා කොළඹ ටොරින්ටන් හී පිහිටි ආකේඩ් පරිශ්‍රයේදී පැවැත්විනි. මෙහි සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාය.

එහිදී ලියවරුණ මගින් විවිධ අංශ ඔස්සේ හඳුනාගත් විශිෂ්ඨ කාන්තා චරිත කිහිපදෙනෙකු වෙත අමාත්‍යවරයා අතින් සම්මා ප්‍රධානය කිරීම සිදුකරන ලදී. කලාශූරී පද්මිණී මානෙල් දහනායක ආරියදාස, ජේෂ්ඨ මාධ්‍යවේදී අන්නු ලක්ෂ්මී භාෂිදොරෙයි, සීතා රංජනී, මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු, මේජර් ජනරාල් ඉන්දිරා විජයරත්න, නීතීඥ තරංගනී දිසානායක, නයනා ආෂ්චර්යා පීරිස්, ප්‍රවීන සූපවේදිනී මල්ලිකා ජෝසප්, කේ.එල්.ජී. ඉන්ද්‍රානී, ගුවන්යානා ඉන්ජිනේරු ශෙනාලි තිසේරා යන කාන්තාවන් මෙහිදී සම්මානයට පාත්‍රවිනි. 
 
අනතුරුව එම ස්ථානයේ පැවති වෙළද සල්පිල විවෘත කිරීමද අමාත්‍යාවරය අතින් සිදුවිය.
 
මෙම අවස්ථාවට ප්‍රවීන චිත්‍රපට නිළි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්වන මාලනි ෆොන්සේකා මහත්මිය, ඔඩෙල් ආයතන්යේ සභාපතිනි ඔටාරා ගුණවර්ධන මහත්මිය,  ස්වාධීන රූපවාහිනියේ සේවයේ  ප්‍රධාන විධායක අධ්‍යක්ෂක චන්දන තිලකරත්න මහතා ඇතුළු එම ආයතනයේ නිළධාරින් ඇතුලු සම්භාවනීය අමුත්තන් රාශියක් එක්වූහ…