Samsung ශ‍්‍රී ලංකා 2020

Monday, 24 February 2020

ඉහළ අර්ථයකින් නව්‍ය අත්දැකීමක් ලබාදීම සදහා ආකර්ෂණීය දුරකථන පෙළක් සමග Samsung ශ‍්‍රී ලංකා 2020 පිළිගනී.

Galaxy Note10 Lite බලය සහ ඉහළ අත්දැකීමක් Galaxy Note දුරකථන පෙළට හදුන්වාදෙයි.

Galaxy A51 iy A71 අසමසම තිරයක් විශිෂ්ට කැමරාවක් දිගුකල් පවතින බැටරි කාලයක් සමග පැමිණේ.

ශ‍්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Samsung සිය වෙළද පල ප‍්‍රමුඛත්වය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් 2020 වසරට නව්‍ය ස්මාර්ට් ජංගම දුරකථන පෙළක් හදුන්වාදෙයි. පළමු කාර්තුවේදී හදුන්වාදෙන නවතම ස්මාර්ට් ජංගම දුරකථන අතර ඵලදායීතාව වැඩිකරන සහ වේගයෙන් පරිණාමය වන මිලේනියල්ස්ලාගේ සහ Gen Z ගේ අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කළ Galaxy Note 10 Lite සැමටම අත්විතීය ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබාදීමට නිර්මාණය කළ Galaxy A51/A71 සහ ස්මාර්ට් දුරකථනයක් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් සැමගේම පළමු තේරීම ලෙස සැළකිය හැකි Galaxy A01යන දුරකථන නම් කළහැක.

මේ පිළිබ`දව අදහස් දක්වන Samsung ශ‍්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Kevin YOU මහතා, ”නව්‍ය විශේෂාංග වලින් සපිරි අලූත්ම දුරකථන පෙළක් හ`දුන්වාදෙමින් 2020 වසර ආරම්භ කිරීමට ලැබීම ගැන මම ඉතාම ආඩම්බර වෙනවා. සන්නිවේදන තාක්ෂණයට බර තරුණ මිලේනියල්ස්ලා සහ Gen Z කණ්ඩායම් සදහා හොදම ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබාදීමට මෙම නිෂ්පාදන වලට පුලූවන්. අගයක් ඇති නව්‍යතාවයෙන් යුත් උපකරණ නිර්මාණය කිරීමට අප කරන කැපවීම ශ‍්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය බවට අපව ඔසවා තැබීමට ශක්තිය වුණා වගේම ශ‍්‍රී ලංකාවේ කවුරුත් ආදරය කරන විද්‍යුත් උපකරණ සන්නාමය බවට පත්වීමට අපට පුලූවන් වුණා.”

Galaxy Note දුරකථන පෙළේ සාඩම්බර උරුමය මත ගොඩනැගූ Note 10 Lite ස්මාර්ට් ජංගම දුරකථනය දරාගත හැකි මිලකට අතිප‍්‍රබල Note අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබාදීම වෙනුවෙන් Samsung විසින් හදුන්වාදී ඇත. මිලේනියල්ස්ලාට තමන්ගේ ඵලදායීතාව සහ ජීවිතය සහ වෘත්තිය අතර ඉතාම සීරුවෙන් හා නවීන තාක්ෂණික භාවිතාවන්ගෙන් ආධාරයෙන් හුවමාරුවීමට හැකියාව ලබාදෙන අතිසුවිශේෂී S Pen උපාංගය ද සමග මෙම දුරකථනය නිර්මාණය කර තිබේ.

6.7” Super AMOLED edge-to-edge Infinity-O Display  එකක් සහිතව නිර්මාණය කර ඇති Galaxy Note10 Lite දුරකථනය පුළුල් තිරයක්, සිනමාත්මක අත්දැකීමක් සහ අවම අවහිරතාවයක් සහිත තිරයකින් යුක්ත වේ.

Bluetooth Low-Energy (BLE) support  එකෙන් අදහස් වන්නේ S Pen එකේ එක් සරල ක්ලික් එකක් ම`ගින් පාරිභෝගිකයාට යම් ඉදිරිපත් කිරීමක් මෙහෙයවීමට, ඡුායාරූපයක් ගැනීම හෝ වීඩියෝ අන්තර්ගතයක් පාලනය කිරීමට ඇති සුවිශේෂී හැකියාවයි. Air Command  එක මගින් S Pen එක සතු විශේෂාංග සියල්ලම ඉතාමත් පහසුවෙන් වේගයෙන් හැසිරවීමේ අවස්ථාව උදාකරයි. ඔබ කොහේ ගමන් කරමින් සිටියත් Samsung Notes app එක මගින් ඔබට අවශ්‍ය note ලබාගැනීම පහසුකරයි. එසේම භාවිතා කරන්නාට තම අත්අකුරින් ලියූ Note, edit කිරීමට සහ share කිරීමට පහසුවන ලෙස text එකක් බවට පත්කිරීමේ පහසුව ද මෙහි සළසා ඇත.

අතිප‍්‍රබල processor එකක් සහිතව එන මෙම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් ඉතාමත් ලේසියෙන් වැඩ ගොඩාක් එකවර කරගැනීමේ හැකියාව සහ අඩු විදුලි භාවිතාවක් සමග සුපිරි gaming අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව තිබේ.

ඉතාම වේගයෙන් නැවත ආරෝපණය කිරීමේ හැකියාව ඇති 4,500mAh විශාල බැටරි බලයක් මෙයට ඇති අතර, මුලූ දවස පුරාම සජීවීව සම්බන්ධ වී සිටීමට හැකියාව ඒ නිසා උදාවේ. Aura Black, Aura Red සහ Aura Silver යන වර්ණයන්ගෙන් Galaxy Note10 Lite දුරකථන ඔබට ලබාගත හැක.

 Galaxy A51/A71

ජනප‍්‍රිය Galaxy A දුරකථන පෙළේ නවතම හදුන්වාදීම Galaxy A51 iy A71 දුරකථන දෙක වේ. සැමටම අගය ඇති නව්‍ය අත්දැකීමක් සහ අසමසම ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් නිර්මාණය කළ මෙම නවතම දුරකථන දෙක වැඩිදියුණු කළ විශේෂාංග රාශියක් සහිතව ඔබට හ`දුන්වාදී තිබේ. ලෝකය ඔබ දකින ආකාරයෙන්ම හසුකරගැනීමට උදව්වන smarter quad camera අවහිරතාවයකින් තොරව ඉහළ රූපමය අත්දැකීමක් ලබාදෙන Infinity-O display එක සහ ඔබේ කාර්යබහුල ජීවන රටාව මැනවින් පවත්වා ගැනීමට අවශ්‍ය ඉතා ඉහළ ධාරිතාවකින් යුත් බැටරි බලයක් සහිතව Prism Crush Black, Prism Crush Blue iy Prism Crush White වර්ණයන්ගෙන් මෙම දුරකථන ඔබට ලබාගත හැක.

ප‍්‍රවීණයෙක් වගේ ඡායාරූප ගන්න: අසමසම කැමරාවක්

ස්මාර්ට් ජංගම දුරකථනයෙහි කැමරාව වර්තමානයේ සමාජ ජාල වල වැඩිපුර හැසිරෙන Gen Z සහ තරුණ මිලේනියල්ස්ලාගේ ජීවිතයේ කොටසක් වේ. Galaxy A51 දුරකථනය 48MP පසුපස කැමරාවක් සහ 32MP ඉදිරිපස කැමරාවක් සහිත වන අතර Galaxy A71 දුරකථනය 64MP පසුපස කැමරාවක් සහ 32MP ඉදිරිපස කැමරාවක් සහිත වේ.

වැඩි කාලයක් සම්බන්ධතාවය තබාගැනීමට දිගු කාලයක් පවතින බැටරිය

Galaxy A51 දුරකථනය 4,000mAh   බැටරි බලයක් සහිතව සහ Galaxy A71 දුරකථනය 4,500mAh   බැටරි බලයක් සහිතව පැය 19ක වීඩියෝ බැලීමේ කාලයක් සහිතව පැමිණෙන නිසා ඔබේ ප‍්‍රියතම වීඩියෝ අන්තර්ගතයන් නිතර නැරඹීමට හෝ දවස පුරා වීඩියෝ ක‍්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදෙයි.

Galaxy A01

ඉතාම ආකර්ශණීය Entry-level එකේ ස්මාර්ට් ජංගම දුරකථනය වන Galaxy A01 දුරකථනය Matte නිමාවකින් යුතු බාහිර රාමුවකින් නිර්මාණය කර ඇති නිසා සහ 5.7′ HD Infinity V Display තිරයක් සහිත නිසා Entry-level  එකේ පාරිභෝගිකයන්ට නොනවතින වීඩියෝ බැලීමේ අත්දැකීමක් සහ දරාගත හැකි මිලකට සුපිරි ස්මාර්ට් ෆෝන් එකක් ලබාගැනීමේ අවස්ථාව උදාවේ. මෙහි ඇති ද්විත්ව කැමරා පද්ධතිය 13MP ප‍්‍රධාන කැමරාවකින් සහ ඡායාරූපයේ ගැඹුර හසුකරගැනීමට හැකි  2MP  කැමරාවකින් සමන්විත නිසා ඉතා උසස් ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීමේ අවස්ථාව උදාවේ. අවහිරයකින් තොරව දිගු ක‍්‍රියාකාරීත්වයක් ලබාදීමට හැකියාව ඇති ඉහළ ධාරිතාවක් සහිත 3,000 mAh බැටරිය සහ Face Recognition විශේෂාංගය personalized security සහිත විශේෂාංග ද මෙහි ස්ථාපිත කරඇත. Galaxy A01 ÿrl:kh Black, Blue iy Red වර්ණයන්ගෙන් ඔබට මිලදී ගැනීමට හැකියාව ලැබේ.

මිලදී ගැනීමේ හැකියාව

Galaxy Note10 Lite සහ Galaxy A51 ස්මාර්ට් ජංගම දුරකථන දෙක දැනට වෙළදපොලේ මිලදී ගැනීමේ හැකියාව ඇති අතර Galaxy A71 iy Galaxy A01 තව නොබෝ දිනකින් වෙළදපොලට හදුන්වාදෙයි.

Samsung Sri Lanka විසින් තමන්ගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ මෙහෙයුම් කාලය සදුදා සිට ඉරිදා තෙක් පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා දීර්ඝ කළ අතර පාරිභෝගිකයන්ට තමන්ගේ නිෂ්පාදනයන් සහ සේවා සම්බන්ධ වැඩිදුර විස්තර 0112 7267864 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැක.