Spexbay නවතම ශාඛාව විවෘත කරයි

Monday, 24 February 2020

Spexbay සිය නවතම ශාඛාව නුගේගොඩ දී විවෘත කරයි

ශ‍්‍රී ලංකාවේ විප්ලවීය අක්ෂි පැළ`දුම් සන්නාමයක් වන Spexbay විසින් සේවා ව්‍යාප්ත කිරීමේ අරමුණ පෙරදැරිව සිය නවතම ශාඛාව නුගේගොඩ නගර මධ්‍යයේ දී විවෘත කළේය. සාධාරණ මිල, විලාසිතාවලින් අනූන සහ තාරුණ්‍යයට ගැළපෙන ලෙස තමන්ගේ ව්‍යාපාරික විශ්වාසය ගොඩනගා ගනිමින් ඉදිරියට යන Spexbay ආයතනය දරාගත හැකි මිලකට විලාසිතාවන්ගෙන් පිරි ඉහළ සන්නාමයේ ඇස් කණ්ණාඩි පාරිභෝගිකයන් අතට පත්කිරීම වෙනුවෙන් කැපවෙයි.

අක්ෂි පළඳනා ව්‍යාපාරය වඩාත් පුළුල් කිරීම සහ තරුණ කණ්ඩායම් අතරට උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි වර්ග සමීප කිරීමේ දැක්මට නායකත්වය දීම අරමුණු කරගනිමින් මෙන්ම ඉහළ වටිනාකමක් ඇති ඇස් කණ්ණාඩි සහ ඉතාම පහළ ගණයේ ඇස් කණ්ණාඩි ලෙස අක්ෂි සෞඛ්‍ය වෙළදපොළ අධිකාරීත්වය හිමිකරගෙන ඇති ප‍්‍රවාහයන් දෙකටම අභියෝගයක් වෙමින් ඒවාට වෙනස්ව Spexbay මැද මාවත තෝරාගෙන ඇත. එහිදී තත්ත්වයෙන් උසස් මෙන්ම තාරුණ්‍යයේ නවීන ප‍්‍රවණතාවන්නට ගැළපෙන ඇස් කණ්ණාඩි සන්නාමයන් දරාගත හැකි මිලකට අලෙවි කිරීම සහ සෑමදෙනාටම වඩාත් ඉහළ තත්ත්වයේ ඇස් කණ්ණාඩි යුවලක් පැළ`දීමේ හැකියාව උරුමකර දීම උදෙසා Spexbay වෙහෙසෙයි. සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ඇස් පරික්ෂාව, ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි සහ අක්ෂි කාච සන්නාමයන් මිලදී ගැනීමේ පහසුකම් Spexbay සපයා ඇති අතර පිළිගත් චීන සමාගම්වලින් කණ්ණාඩි රාමු සහ කාච මේ සදහා ආනයනය කරයි.

මෙම නව ශාඛාවේ දී ජනප‍්‍රිය සන්නාමයන් වන RT, Polarsun, Vintage, Jhon Leng, Sarkany, FILA, CUVIS සහ Jasper ආදිය ඔබට ලබාගත හැක. එසේම සිය පාරිභෝගිකයන්ට වීසා සහ මාස්ටර්කාඞ් උපයෝගීකර ගනිමින් ඔන්ලයින් ඔස්සේ මිලදී ගැනීම් සිදුකිරීමට, ” Mcash, EzCash iy Sampath Pay app හරහා මිලදී ගැනීමට මෙන්ම cash on delivery පහසුකම් ද සපයා ඇත.