SLIM බ‍්‍රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන 2022 සඳහා නව ඇගයීම් නිර්ණායක එළි දක්වයි

අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද වෙළඳ සන්නාමයන් විශිෂ්ටව මෙහෙයවූ
අලෙවිකරණ උත්සාහයන් ඇගයීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය 2022
අගෝස්තු 22 වැනි දින 21 වන SLIM බ‍්‍රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන 2022 (SLIM Brand
Excellence Awards) උළෙල නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කරන ලදී. මෙම වසරේ සන්නාම
උළෙල “Mettle of Resilience” යන තේමාව යටතේ නවතම ඇගයුම් කි‍්‍රයාවලියක් සමඟ
දියත් කොට ඇත. එම නවමු ඇගයුම් නිර්ණායක සහ අනෙකුත් කරුණු පිළිබඳව
වැඩිදුරටත් පැහැදිලි කිරීමට ඉකුත් සැප්තැම්බර් 5 වන දින ජයික් හිල්ටන් හිදී මාධ්‍ය
සාකච්ජාවක් පැවැත්විණි.
උපාය මාර්ග, නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනයන් උපායශීලීව භාවිතා කිරීම තුළින්
දේශීය සහ ගෝලීය වෙළඳපල ජය ගැනීමට සමත් වූ සන්නාමයන්ගේ උත්සාහය ඇගයීම
සඳහා SLIM බ‍්‍රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන පහක් සහ විශේෂ සම්මාන දහයක් පිරිනැමීමට
අපේක්ෂා කරයි.
ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා විසින් මෙම දැනුවත්
කිරීමේ සැසියේ දී පැමිණ සිටින්නන් පිළිගනු ලැබූ අතර වත්මන් ගැටලූවලට සෘජු
විසඳුමක් ලෙස ‘’ශ‍්‍රී ලංකා” සන්නාමය ඉදිරියට ගෙන යාමට අලෙවිකරුවන් ඉදිරිපත් විය
යුතු බව අවධාරණය කළේය. ජූරි සභාවේ ප‍්‍රධානී ඉමාල් ෆොන්සේකා මහතා සහ
ව්‍යාපෘති සභාපති කවී රාජපක්ෂ මහත්මිය විසින් අයදුම්පත් සම්පාදනය කිරීමේ
ක‍්‍රියාවලියට සහ දෙවන වටයේ ඉදිරිපත් කිරීම් සඳහා සහය වන නවතම ඇගයීම්
නිර්ණායක පිළිබඳව දැනුවත් කරන ලදි.
අනතුරුව පැවති ප‍්‍රශ්නෝත්තර සැසිය අතරතුරදී නවතම ක‍්‍රියාවලිය සහ ජූරියේ
අපේක්ෂාවන් මොනවාද යන්න පිළිබඳ ප‍්‍රශ්න ඉදිරිපත් වූ අතර එම ස්ථානයට පැමිණ
සිටි අයගේ සහ ඩිජිටල් පේ‍්‍රක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් හරවත් සාකච්ඡුාවක්
ගොඩනැගුණි.
“Let’s tell a good story” යන්න සිය තේමා පාඨය කරගත් නිල නිර්මාණ සහකරු වන Shift
Integrated සහ ‘’Getting Your Customer’s Attention’’ යන්න සිය තේමා පාඨය කරගත් නිල
ඩිජිටල් සහකරු වන Loops Integrated විසින් පවත්වන ලද සැසි දෙකෙන් මෙම කතිකාවත
වඩාත් පොහොසත් විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ තම සන්නාමය පිළිබඳ
හදුන්වාදීම වඩාත් හොදින් ඉදිරිපත් කිරීම සඳහා මඟ පෙන්වීමටයි. එමෙන්ම මෙහිදී
පිරිනැමෙන ගෞරවනීය සම්මාන දිනා ගැනීම සඳහා නිරීක්ෂණය කළ යුතු සහ ඉදිරිපත්
කළ යුතු ඩිජිටල් පරාමිතීන් දැන පිළිබඳ පැහැදිලි කරන ලදි.
ප‍්‍රධාන සම්මාන කාණ්ඩ පහ අතරට වසරේ නිෂ්පාදන සන්නාමය, වසරේ සේවා
සන්නාමය, වසරේ ගෝලීය සන්නාමය, වසරේ දේශීය සන්නාමය සහ වසරේ අපනයන
සන්නාමය ඇතුළත් වේ. වසරේ නව්‍යකරණ සන්නාමය, වසරේ හැරවුම් සන්නාමය,
වසරේ හොඳම නව ප‍්‍රවේශකයා, වසරේ B2B සන්නාමය, වසරේ CSR සන්නාමය, වසරේ
ඔන්ලයින් සන්නාමය, වසරේ දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සන්නාමය, වසරේ
දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ අපනයන ව්‍යාපාර සන්නාමය යන විශේෂ සම්මාන
දහයට අමතරව මෙවර වසරේ Agile සන්නාමය සහ වසරේ හරිත සන්නාමය යන නව
කාණ්ඩ දෙක ද සම්මාන රාත‍්‍රියට එක් කර ඇත.

සියලූම ඇතුළත් කිරීම් විනිශ්චය කරනු ලබන්නේ රටේ වඩාත්ම ගෞරවනීය, පළපුරුදු
වෘත්තිකයන් විසිනි. ඔවුන් පිළිගැනීමට වඩාත් සුදුසු වෙළඳ නාම, සන්නාම භාරකරුවන්
සහ ව්‍යවසායකයින් තීරණය කිරීම සඳහා සියුම් සහ නිරවද්‍ය ඇගයීම් ක‍්‍රියා පටිපාටියක්
අනුගමනය කරයි.
දේශීය සන්නාම ජාත්‍යන්තර තලයට ගෙන යාමේ දැක්ම ඇතිව SLIM බ‍්‍රෑන්ඞ් විශිෂ්ටතා
සම්මාන සඳහා මෙවර අලූතින්ම ‘’Brand Book’’ නැමැති නවතම අයදුම්පතක් හඳුන්වා දී
ඇති අතර එමඟින් සියලූම අයදුම්කරුවන්ට තම සන්නාමය පිළිබඳ විස්තර එකවරම
ලබාදීමෙන් පසුව අදාල කාණ්ඩය යටතේ තම සන්නාමය සුවිශේෂී විය යුත්තේ ඇයි
යන්න පිළිබඳව පමණක් කරුණු දැක්විය හැකිය.
වර්තමාන සංකීර්ණ ව්‍යාපාරික පරිසරය තුළ ශ‍්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ
විශිෂ්ටයින්ගේ කැපීපෙනෙන කාර්යභාරය ඇගයීමට ලක්කරන එකම ජාතික මට්ටමේ
වැඩසටහන මෙය වේ. එබැවින් නිෂ්පාදන හා සේවා සන්නාම විශිෂ්ටත්වය කරා ඔසවා
තැබීමට අලෙවිකරුවන්ගේ අභිපේ‍්‍රරණය, කැපවීම සහ දැඩි මහන්සිය මෙම
සම්මානවලින් පිළිබිඹු වේ.
වසර 21 කට පෙර ආරම්භ කරන ලද SLIM බ‍්‍රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන උළෙල හොඳම
සන්නාම සහ සන්නාම භාරකරුවන් හඳුනාගෙන ඇගයීමට ලක් කරන එකම සම්මාන
උළෙලයි. හුදෙක් අයදුම්කරුවන් 26 කින් ආරම්භ වූ සම්මාන වැඩසටහන අද වන විට
ඉහළ වාර්ෂිකව වාර්තාගත අයදුම්කරුවන් සංඛ්‍යාවක් පිළිබඳ දත්ත ඉදිරිපත් කරයි.
සන්නාම, සන්නාම කළමනාකරුවන් සහ ව්‍යවසායකයින් සඳහා සංවර්ධන වේදිකාවක්
වන SLIM බ‍්‍රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන උළෙල දිනෙන් දින ඉහළ යන ජනප‍්‍රියත්වයක්
හිමිකර ගනියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *