22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

දරුවන් වනසන මත්ද්‍රව්‍ය ව්‍යාපාර මැඩලීමට පියවර ගන්නවා

·       දරුවන් වනසන මත්ද්‍රව්‍ය ව්‍යාපාර මැඩලීමට පියවර ගන්නවා

·       ඒ සඳහා දෙමාපියන් ඇතුළු මහජනතාව එක්විය යුතුයි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මත්ද්‍රව්‍ය ව්‍යාපාර මර්දනය සඳහා පියවර ගැනීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේදී  සාකච්ඡා කළ බවත් ඒ සදහා ජනතා සහයෝගය අනිවාර්ය බැවින් දරුවන් වනසන මත්ද්‍රව්‍ය ව්‍යාපාර මැඩලීමට එක්වන ලෙස දෙමාපියන් ඇතුළු මහජනතාවට ආරාධනා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  පැවසුවා.

ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පසුගිය දා  (13)  කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීම් කිහිපයක් ගුරු හා සිසු අයිතියට පැවරීමේ උත්සවයක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.  

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද විදුහල්පති නිල නිවාස, ගුරු නිල නිවාස, ක්‍රීඩා මණ්ඩපය, සුහුරු පන්ති කාමර ගොඩනැගිල්ල සහ පිරිමි නේවාසිකාගාරයේ අලුත්වැඩියාවන් අවසන් කර ගුරු සිසු අයිතියට පත් කිරීම අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණා.

මීට අමතරව නිකවැරටිය රජබිම විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම සහ අබුක්කාගම  මුස්ලිම් විදුහලේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරීම ද  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදු කරනු ලැබුවා.

ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පළාත් පාසල් 9,063 ක් සහ ජාතික පාසල් 282 ක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙනවා. ඒ යටතේ වයඹ පළාතේ පාසල් 1,210  ක ව්‍යාපෘති 2,200 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා රු.මි. 15,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz