සිරිකොත ගමට ගෙනයන දීප ව්‍යාප්ත වැඩසටහන කුරුණෑගලින් ඇරඹෙයි.

සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙළ අනුව එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කර පක්ෂයේ ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ කටයුත්තෙහි විශේෂ වැඩසටහනක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රධානත්වයෙන් අද කුරුණෑගලින් ආරම්භ වුණා.

ඒ ගාමිණී ජයවික්‍රම පෙරේරා, එස්.බී නාවින්න, නලින් බණ්ඩාර, ජේ.සී අලවතුවල, අශෝක් අබේසිංහ, තුෂාර ඉඳුනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැතිඇමතිවරුන් සහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසකගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදීපාක්ෂිකයන්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම,සංවිධායකරුන්ගේ කාර්යභාරය,පක්ෂ ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය හරහා අපේක්ෂිත අරමුණු,ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දීම මෙන්ම, මධ්‍ය හරහා තොරතුරු ජනගත වන ආකාරයන් පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා.

 මෙම වැඩසටහන යටතේ දිවයින පුරා සියලුම දිස්ත්‍රික් සංවිධාන හමුවීම් සහ රැස්වීම් මාලාවක් සංවිධානය කර ඇති අතරඒ සඳහා අදාළ දිස්ත්‍රික්වල එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ද පළාත් පාලන නියෝජිතවරුන්  දිස්ත්‍රික්  ආසන සංවිධායකයින් මෙන්ම කළමනාකරුවන් ද සහභාගි වීමට නියමිතයි.

මෙම හමුවීම්වලදී ප්‍රධාන වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලදී ජයග්‍රාහී මාවතකට රැගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ඒ සඳහා පක්ෂ සාමාජිකයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම ද සිදු කෙරෙනවාමීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් සහ පාක්ෂිකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමට ද අපේක්ෂිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *