22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට එරෙහිව දඩ නියම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශය පිලිබඳ පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) විසින් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්
පීඑල්සී සමාගම ඇතුළුව සමාගම් කීපයකට එරෙහිව මුදල් විශුද්ධිකරණ වැළක්වීම සදහා එක්සත් ජාතීන්ගේ
සම්බාධක පැනවීමට අදාල තොරතුරු ගොනු කිරීම සම්බන්ධයෙන් ආයතනයේ මූලික මෙහෙයුම් පද්ධතියේ පැවති
නියාමන අනුකුලතා නොවීමක් හේතුවෙන් පසුගිය 2020 වසරේ දෙවන අර්ධය තුලදී දඩ මුදල් නියම කිරීම පිළිබඳ
ප්‍රකාශයක් මෑතකදී නිකුත් කරන ලදී.
මූලික මෙහෙයුම් පද්ධතියේ පැවති මෙම කාර්ය පටිපාටික අඩුපාඩුව සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම
විසින් පසුගිය 2020 ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකා මහා බැංකුවේ උපදෙස් පරිදි යාවත්කාලින කිරීමට පියවර ගෙන
තිබේ.
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සෑම විටම අපේක්ෂිත මුදල් විශුද්ධිකරණ ප්‍රමිතීන් පවත්වාගැනීමට
ක්‍රියා කරන අතර වගකිවයුතු මූල්‍ය ආයතනයක් ලෙස, මුදල් විශුද්ධිකරණ අවදානම් හඳුනා ගැනීමට මෙන්ම අවම
කිරීම සහතික කිරීම සඳහා ‘මුදල් විශුද්ධිකරණ වැළක්වීමේ ප්‍රතිපත්තියක්’ (Anti-Money Laundering Policy)
ස්ථාපිත කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සියළුම නියාමන නියෝගයන්ට පූර්ණ ලෙස අනුකූල වීම සඳහා සමාගම
සිය අඛණ්ඩ කැපවීම මෙමගින් තවදුරටත් අවධාරණය කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz