සමාජ ක්‍රියාකාරිනියක ලෙස රටේ අභිවෘද්ධිය උදෙසා තරුණියගේ දායකත්වය

කාන්තාව යනු සිය පවුල, සමාජයට මෙන්ම උපන් බිමට ද අනුපමේය මෙහෙවරක් කරන්නියකි.
වර්තමාන සමාජය තුළ පිරිමියා හා උරෙනුර ගැටෙමින් ඇය සමාජයේ උන්නතිය වෙනුවෙන්
කැපවෙන ආකාරය පුදුම සහගතය. ඇය දරුවන් වදන්නීය; දරුවන් රකින්නීය; නිවසේ සියලු
කටයුතු නොපිරිහෙළා ඉටු කරන්නීය; එතැනින් නොනැවතී රැකියා කටයුතු කරන්නීය; ඇතැමුන්
සමාජ ක්‍රියාකාරිනියක ලෙස තම දායකත්වය ලබා දෙන්නීය. මේ අනුව බලන විට සැබවින්ම
කාන්තාව යනු විශ්වයේ අපූර්ව නිමැවුමකි.
සමාජ ක්‍රියාකාරිනියන් ගැන කතාබහ කරන විට කරුණාවේ දේවතාවිය නමින් ලෝක ප්‍රකට
තෙරේසා මවුතුමිය සිහියට නැගෙන්නේ නිරායාසයෙන් ම ය. මෙලොව එළිය දකින්නට වරම්
නොලද බිළිඳුන්, මහලුවියට පැමිණ කිසිවෙකුගෙන් පිහිටක් නොලත් අසරණයන්, දුප්පත්
දරුවන්, දරුගැබ විනාශ කරගැනීමට ගිය කාන්තාවන් ආදී බොහෝ දෙනට හදවතින්ම පැන
නැගුණු කරුණාවෙන් ඇය පිහිට වූවාය. නූතන ලාංකේය සමාජය නියෝජනය කරන ඔටාරා
සේම ජනප්‍රිය නිළි මිචෙල් දිල්හාරා ද සමාජ ක්‍රියාකාරිනියක ලෙස කරන සත්කාරයන් තුළින්
ඔවුන් සතුව පවත්නා දැවැන්ත ශක්තිය මුළු මහත් සමජයටම ආදර්ශයකි. යොවුන් වියට
පැමිණෙන තරුණියක් සාමාන්‍යයෙන් හිතන පතන ආකාරය හොඳ අධ්‍යාපනයක් ලබා උසස්
රැකියාවක් කිරීමයි. පවතින ක්‍රමයට ගැළපෙන විලාසිතා අරුමෝසම්වලින් සැරසීම, ගමන්
බිමන් යාම, විනෝද වීම, කෑම බීමවල රස බැලීම ද ඔවුන්ගේ ආශාවන් ය. අද මතු නොව පැරණි
සමාජයේ ද යොවුන් වියට එළඹි තරුණියන් රූ සපුව හැඩ කරගැනීමට අවධානය යොමුකිරීම
සාමාන්‍ය දෙයකි. නමුත් ඒ අතරේ ම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස රටේ අභිවෘද්ධිය වෙනුවෙන්
ඇප කැප වී සේවය කිරීම සිහිනයක් කරගත් තරුණියන් ද මේ සමාජය තුළම සිටින බව ඔබට
පැහැදිලි වන්නට ඇත.
“ගැහැනියගේ පින කුණු මුල්ලේ ලු” යන පිරුළ හාස්‍යයට ලක් කරමින් තරුණිය මුළු මහත්
සමාජය අභිමුව ආදර්ශමත් කාන්තා චරිත බවට පත් වී ඇති ආකාරය තරුණ නායකත්වය
තුළින් මනාව පැහැදිලි වෙයි. මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සමග
සහයෝගයෙන් පවත්වාගෙන යනු ලබන YAN Sri Lanka තරුණ ජාලය ඊට හොඳම
නිදර්ශනයයි. විවිධ සමාජ ක්‍රියාකාරී සංවිධානවලට නායකත්වය දුන් අත්දැකීම්වලින් පිරිපුන්
තරුණ නායකයන් සිව් දෙනෙකුගේ සංකල්පයකට අනුව සම නිර්මාතෘවරුන් බවට පත්වෙමින්
වසර දෙකක් වැනි ඉතාමත් කෙටි කාලයක් ඇතුළත නිර්මාණය කෙරුණු මෙම තරුණ ජාලයට
නායකත්වය දුන්, නායකත්වය දෙන ජවසම්පන්න තරුණියන් ද වෙයි. සමාජ ක්‍රියාකාරිනියක
ලෙස උඩුගං ලබා යන ගමනක සාර්ථකත්වය දැකීමේ සිහිනය සැබෑ කරගැනුමට එම තරුණ
ජාලය තරුණියන්ගේ ආත්ම විශ්වාසයට ඉඩකඩ ලබාදී තිබීම වඩාත් කාලෝචිත යැයි මම
සිතමි. තරුණියකට යමක් තනිව සංවිධානය කරගැනීමේ ශක්තිය තිබිය යුතුය. ස්වාධීව තීන්දු
තීරණ ගැනීමට හැකියාවක් තිබිය යුතුය. ඒ සියල්ල කිරා මැන බැලීමටත්, පුරුදු පුහුණුවීමටත්
තරුණ එකමුතුවක් මහත් පිටුබලයක් සපයයි.
ගුරුවරයෙකු, දොස්තර කෙනෙකු හෝ ඉංජිනේරුවරයෙකු වන්නැ’ යි දෙමාපියන් විසින් කිරෙන්
එළියට එන විටම දරුවාගේ ඔළුවට දමන රැකියා මානසිකත්වයෙන් මිදී නව ආරකට ගොස්
සමාජ ක්‍රියාකාරිනියක ලෙස අභිමන් ලබන්නට මනස සාදාගත් තරුණියක් ලෙස සසංකා
ධර්මසේන YAN Sri Lanka තරුණ ජාලය ආරම්භයේ සිටම ස්වේච්ඡා සමාජ ක්‍රියාකාරිනියක

ලෙස කටයුතු කළ අතර 2019 වර්ෂයේ තරුණ ජාලයේ උප සභාපතිනිය ලෙසත්, 2021 වර්ෂයේ
තරුණ ව්‍යාපෘති ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි. එසේම 2019 වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්
අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කළ ඉරෝෂිකා වීරසිංහ ද තරුණ ශක්තියට අභියෝගයක්
වෙමින් 2020 වර්ෂයේ YAN Sri Lanka තරුණ ජාලයේ උප ලේකම් ධූරයට පත් වූවාය. තරුණ
ජාලයේ සාර්ථකත්වය වෙනුවෙන් දෑත් දිගු කළ තවත් කාන්තා නියෝජනයක් ලෙස නවෝදා
වන්නිනායක අමතක කළ නොහැකි වෙයි. 2019 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් අධ්‍යක්‍ෂ
මණ්ඩලය නියෝජනය කළ ඇය දැඩි ආත්ම ශක්තියකින් යුතුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ
අභිවෘද්ධිය වෙනුවෙන් නායකත්වය සැපයූවා පමණක් නොව 2020 වර්ෂයේ ශ්භ න්‍මබසදර
කණ්ඩායමට සම්පත් දායකත්වය ද සපයනු ලැබුවාය. එම කාල වකවානුවෙහි රත්නපුර
කලල්ඇල්ල විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමේ සමාජ
සත්කාරයෙහි ද ඇය පෙරමුණගෙන කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය වෙයි. තරුණ
තරුණියන්ගේ ආකල්ප නිවැරදි දිශානතියට යොමු කරන්නට අවැසි නායකත්වය දෙමින්
කාර්යබහුලත්වය පසෙක ලා සමාජයේ සුබසිද්ධිය උදෙසා ඔවුන් කැපවෙන ආකාරය අගය කළ
යුතුම ය. YAN Sri Lanka තරුණ ජාලය කාන්තා නියෝජනයට ලබා දී ඇති ස්ථානය
කවරාකාරදැ’ යි සොයා බැලීමේදී දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ජාති, ආගම්
භේදයකින් තොරව දෙමළ මාධ්‍යය නියෝජනය කරමින් දෙමළ තරුණියන්ට ද තම තරුණ
ජාලය සමග සහෝදරත්වයේ පිවිතුරු සිතින් එක්ව කටයුතු කරන්නට ඉඩහසර උදාකරදීමයි.
2019 වසරේ මුලතිව් දිස්ත්‍රික් අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කළ තනුෂියා 2020 වසරේ උප
සභාපතිනිය ලෙසත්, 2021 වර්ෂයේ ලේකම් ධුරයටත් (දෙමළ මාධ්‍ය) තේරී පත්වීම සමස්ත
සමාජයටම ආදර්ශයකි. තරුණියක් ලෙස ඇය භාෂා ත්‍රිත්වයේම තරුණ තරුණියන් සමග
ඉතා සුහදව ගනුදෙනු කිරීමත්, ක්‍රියාකාරී තරුණියක ලෙස තනතුරු දැරීම දක්වා වූ ගමන් මග
අතිශය අභියෝගාත්මක ය.
පාසල් සිසුන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, පරිසර සංරක්‍ෂණ වැඩසටහන්, ළමා
හා කාන්තා අයිතිවාසිකම් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවක
වැඩසටහන් දියත් කරන ශ්භ ීරස ඛ්බන් තරුණ ජාලයේ පුරුෂ පාර්ශවය සමග සහයෝගයේ
යදමින් බැඳී කැපවී කටයුතු කරන තවත් තරුණියන් ද වෙයි. 2019 වර්ෂයේ සිට අද දක්වා වූ
ගමන් මගෙහි තරුණියන්ගේ දායකත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම රටේ සුබවාදී
දිශාව වෙනුවෙන් වීම සතුටට කාරණයකි. නූතන සමාජය තුළ ඇය තම අයිතිවාසිකම් දිනා
ගනිමින් ළඟා කරගත යුතු නිසි තැන දිනාගැනීමට දරන උත්සාහය ද එ තුළින් මනාව පැහැදිලි
වේ.
කාන්තාවන්ගෙන් තොරව සමාජයේ ඉදිරි පැවැත්මක් නැත. YAN Sri Lanka තරුණ ජාලය ද
වසර දෙකක් වැනි ඉතා කෙටි කාලයකින් ලංකාවේ ක්‍රියාකාරී සහ ශක්තිමත් ම තරුණ ජාලය
බවට පත් කිරීමට කාන්තා නියෝජනය හේතුවක් වූ බව නොරහසකි. සාම්ප්‍රදායිකත්වයට
කොටු නොවී ඥානාන්විතව විවිධ ක්ෂේත්‍රයන් හි සහ විවිධ කාර්යයන් හි පුරුෂ පාර්ශවයට
නොදෙවෙනිව කුසලතා විදහාපාමින් ඉදිරියටම පැමිණ ඇති නූතන තරුණියට රටේ
සංවර්ධනය උදෙසා සිය මෙහෙවර ඉටු කරන්නට ශ්භ ීරස ඛ්බන් තරුණ ජාලය විසින්
ඉඩහසර උදාකර දීම අනාගත දියුණුවට අතවැනීමකි. කාන්තාව වෙනුවෙන් හඩක් නගමින් මේ
ලිපිය ලියන මා ද සමාජ ක්‍රියාකාරිනියක ලෙස නිහඬ මෙහෙවරක නියැලෙන තරුණියක් බව
නිරහංකාර සතුටකින් යුතුව කියා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *