22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රට තුළ පවතින වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන්
ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

සඳුදා දිනයේදී කොළඹ නගරයේ වීදීවල සහ ශ‍්‍රී ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල හටගත්
ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් ලෙස සිදුවූ අවාසනාවන්ත සිදු වීම් හා ජීවිත හානි
පිළිබඳව අප අතිශය කණගාටු වන්නෙමු. රටේ පවත්නා තත්වය හමුවේ මතුව ඇති
ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම ජනතාවගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට
බලපාන ආකාරය සහ ඉන් ඔවුන් පත්ව ඇති අසරණභාවය පිළිබඳව අප අවබෝධ
කරගෙන සිටින අතර එයට අපගේ කණගාටුව ප‍්‍රකාශ කරන්නෙමු. කෙසේවෙතත් වටිනා
මිනිස් ජීවිත අහිමි කරන මෙම ප‍්‍රචණ්ඩත්වය අප දැඩි ලෙස හෙලා දකින්නෙමු.
වහාම රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන ලෙස අප නායකයින්ගෙන් සහ
අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. මෙම ඉතා අසීරු අර්බුදය හමුවේ සාමූහිකව
කටයුතු කරමින් සාර්ථකව ඉදිරියට යාම සඳහා ඔවුන් සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත
ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත සේවා පරිසරයක් සහතික කළ යුතුව ඇත.
සාමකාමී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පරිවර්තනයක් සහතික කිරීම සඳහා ශ‍්‍රී ලංකා
නීතීඥ සංගමය ගන්නා දැඩි උත්සාහයට අප ඒ ආකාරයෙන්ම සහයෝගය ලබා
දෙන්නෙමු. ඒ සඳහා පවතින දේශපාලන අර්බුදයට වහා විසඳුම් ලබා දී නව රජයක්
කඩිනමින් පත් කිරීම ඉතා වැදගත්ය.
මෙම පොදු පරමාර්ථය සාක්ෂාත් කරගැනීම සඳහා මෙන්ම රට තුළ නැවත දේශපාලන
ස්ථාවරත්වය ඇති කිරීමට අපේක්ෂා කරන අනෙකුත් සියලූම ආයතන හා සංවිධානවල
ප‍්‍රයත්නයන්ට ද අප සහාය ලබා දෙන්නෙමු:
මැයි 12, 2022

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz