ඉකෝ ස්පින්ඩ්ල්ස් තාක්ෂණය හරහා ශ්‍රී ලාංකිකයන්ගේ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කරයි

ජූනි 5 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ
සමාගම වන Eco Spindles Pvt. Ltd. තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතර වඩාත්
ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ඇති කිරීම උදෙසා සිය උත්සාහයන් පුළුල් කර ඇත.
ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව – 2020 මාර්තු 18 වැනි දින සමාගම විසින් දියත් කරන ලදි. ‘Waste
2 Value’ යෙදවුම Google Play Store සහ Apple (iOS) App Store හරහා download කළ හැක. මෙම යෙදවුම
භාවිතා කරන්නන්ට බහාලුම් ස්ථාන බස්නාහිර පළාතේ 400 කට වඩා වැඩි ප්‍රමාණයකුත් ශ්‍රී ලංකාවේ අනෙකුත්
ප්‍රදේශවල 100 කට වඩා වැඩි ප්‍රමාණයකුත් ස්ථානගත කිරීමට මෙන්ම පරිසරයට හානියක් නොවන පරිදි
ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීමට ඉඩ සලසයි. මෙම බඳුන්වලට බැහැර කරන
ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉකෝ ස්පින්ඩ්ල්ස් මගින් ප්‍රතිචක්‍රීයකරණය කර අගය එකතු කළ අපනයන හරහා රටට
විදේශ විනිමය ඉපැයීමට මූලිකව කටයුතු කරයි.
2022 අවසන් වන විට ඉකෝ ස්පින්ඩ්ල්ස් බස්නාහිර පළාතේ ඉවතලන ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් 700 ක් හා
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල 300 ක් තැබීමට අදහස් කරයි. මෙමගින් ඉකෝ ස්පින්ඩ්ල්ස් හි ප්‍රතිචක්‍රීයකරණ
මුලපිරීම් තවදුරටත් පුළුල් කරමින් විශාලතම දූෂක වලින් එකක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් පරිසරය ආරක්ෂා
කිරීම සඳහා වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට මහජනතාවට ඉඩ සලසමින් රට පුරා මුළු එකතුව 1,000 දක්වා ගෙන
එනු ඇත.
පරිශීලකයින්ට ළඟම ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ බඳුන් සහ අදාළ සම්බන්ධතා තොරතුරු සොයා
ගැනීමට ඉඩ දීමට අමතරව Waste 2 Value යෙදවුම චර්යාත්මක වෙනස්වීම් සඳහා පෙළඹවීම සහ බලපෑම් කරයි.
ඉකෝ ස්පින්ඩ්ල්ස් හි මව් සමාගම වන BPPL හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී
ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා පැවසුවේ “ප්ලාස්ටික් නිසි ලෙස බැහැර නොකිරීමෙන් සිදුවන පරිසර දූෂණයට
එරෙහි සටනේ අර්ථවත් වෙනසක් අත්කර ගැනීමට මහජනතාව අතර චර්යාත්මක වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය
වෙනවා.” යනුවෙනි. “පාරිසරික තිරසාරත්වයේ ආයතනික ප්‍රමුඛයෙකු ලෙස ඉකෝ ස්පින්ඩ්ල්ස් පරිසර හිතකාමී
පාරිභෝගිකයින් සවිබල ගැන්වීම සඳහා මෙවලම් සැපයීමට උත්සාහ කරන අතරම රට පුරා ප්ලාස්ටික් එකතු
කිරීමේ ජාලය සහ යටිතල පහසුකම් සමාන්තරව ශක්තිමත් කරමින් මහජනතාවට එවැනි එකතු කිරීමේ ස්ථාන වෙත
වඩාත් පහසු ප්‍රවේශයක් ලබා දෙනවා.” යනුවෙන් එතුමා තවදුරටත් අදහස් දැක්වූවේය.
“පාරිභෝගිකයින් අතර එවැනි පුරුදු ඇති කිරීමට අමතරව PET ප්ලාස්ටික් දෙවන වතාවටත් ප්‍රයෝජන ගැනීමෙන්
දේශීය හා ගෝලීය වශයෙන් විශේෂයෙන්ම ඇඟළුම් කර්මාන්තයේ ඔවුන්ගේ පිරිනැමීම්වල තිරසාරභාවය සැලකිය යුතු
ලෙස වැඩිදියුණු කිරීමට නිෂ්පාදකයින්ට සහ ආයතනිකයින්ට අපි උදව් කරනවා. ඉකෝ ස්පින්ඩ්ල්ස් වෙතින් ලබා
ගැනීම මගින් රෙදි නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය ඉහළම මට්ටමේ පාරිසරික තිරසාරත්වයට
අනුකූලව ප්‍රතිචක්‍රීයකරණය කර ඇති බවට සහතික වෙනවා.’’ යනුවෙන් ආචාර්ය අමරසිංහ මහතා වැඩිදුරටත්
පැවසුවේය.
ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් මෙම ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලාංකේය ඇඟළුම් කර්මාන්තය සඳහා පොලියෙස්ටර් නූල් ඇතුළු
අගය එකතු කළ නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සඳහා එකතු කරන ලද පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET)
අපද්‍රව්‍ය භාවිතා කරයි. සැලකිය යුතු පාරිසරික බපලෑමක් ඇති ඇඟළුම් කර්මාන්තයට තම නිෂ්පාදනවල
තිරසාරභාවය වැඩිදියුණු කිරීමට මෙමගින් හැකියාව ලැබේ.
තවද ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් දේශීයව නිෂ්පාදනය කරන පොලියෙස්ටර් නූල් නිසා ඇඟළුම් කර්මාන්තයට මෙම
අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ අවශ්‍යතාවය අඩු වන අතර එමඟින් රටට වටිනා විදේශ විනිමය විශාල ප්‍රමාණයක්
ඉතිරි වේ. 2021 දී ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 2 ක විදේශ විනිමය ඉතිරි කර ඇති අතර
ශ්‍රී ලංකාවේ මුළු පොලියෙස්ටර් නූල් ආනයනයෙන් 4% ක් සපුරාලයි. 2022 දී සමාගමේ නිෂ්පාදන ධාරිතාවය පුළුල්

වීමෙන් පසු ඇඟළුම් අපනයන සඳහා රටේ පොලියෙස්ටර් නූල් අවශ්‍යතාවයෙන් 7% ක් සැපයීමට ඉකෝ ස්පින්ඩ්ල්ස්
සූදානම් වන බැවින් මෙය ඩොලර් මිලියන 3.3 ක පමණ ඉතිරියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් පිරිසිදු කිරීමේ මෙවලම්/බුරුසු සහ ප්‍රතිචක්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් භාවිතා
කිරීම සඳහා නිෂ්පාදනය කරනු ලබන උසස් තත්වයේ කෘත්‍රිම මොනොෆිලමන්ට් මගින් අමුද්‍රව්‍ය ආනයනය
කිරීමේ අවශ්‍යතාවයද අවම කර රටට වටිනා විදේශ විනිමය ඉතිරි කරයි. 2021 දී ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් දේශීයව
නිෂ්පාදනය කරන ලද මොනොෆිලමන්ට් හරහා එවැනි ඉතුරුම් ඩොලර් මිලියන 3.4 ක් ලෙස ගණන් බලා ඇත.
ප්‍රතිචක්‍රීකරණය කළ PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට
හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් සතු ඉකෝ ස්පින්ඩ්ල්ස් ශ්‍රී
ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ සමාගම වන වේ. රට තුළ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා
තිරසාර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමෙන් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීයකරණ හැකියාවන් සැලකිය
යුතු ලෙස ශක්තිමත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *