United Tractor and Equipment (පුද්.) සමාගම, මෙරට සාමාන්‍ය පාරිභෝගිකයින් වෙනුවෙන් CAT ® ලිහිසි තෙල් බෙදාහැරීම ආරම්භ කරයි

2022 ජූලි 12, කොළඹ: United Tractor and Equipment (UTE) (පුද්.) සමාගම, Caterpillar (CAT ® )
ට්‍රැක්ටර් සමාගම සමග පවතින වසර 75 කට අධික සම්බන්ධතාව තවත් ශක්තිමත් කරමින් මෙරට සාමාන්‍ය
පාරිභෝගිකයන් වෙනුවෙන් CAT® ලිහිසි තෙල් බෙදාහැරීම ආරම්භ කර තිබේ. පසුගිය වසර 18ක කාලය තුළ UTE
විසින් ඉදිකිරීම් කර්මාන්තයේ Caterpillar යන්ත්‍රෝපකරණ සඳහාම වන නියම ලිහිසි තෙල් වර්ග සැපයීම සිදුකළ
අතර, මින් ඉදිරියට අනෙකුත් රථවාහන වර්ග සඳහාද එම නිපැයුම් හඳුන්වා දීමේ අරමුණින් මෙම නව පියවර ගෙන
තිබේ.
“Caterpillar යනු ලොව අංක එකේ ලිහිසි තෙල් නිපැයුම් කරන සමාගමක්. ශ්‍රී ලංකාවේ Caterpillar නිෂ්පාදන
සඳහා එකම බලයලත් අලෙවිකරු වශයෙන්, සම්පූර්ණ CAT ® ලිහිසි තෙල් නිපැයුම් එකතුව ශ්‍රී ලංකාවට හඳුන්වා
දීමට හැකි වීම අපට මහත් සතුටක්. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් CAT ® ලිහිසි තෙල් වර්ග පාරිභෝගිකයන් වෙත
සමීප කරවීම සඳහා අපත් සමග එක්වන මෙන් අලෙවිකරුවන් හා සේවා මධ්‍යස්ථාන හිමිකරුවන් ඇතුළු සියලුම
පාර්ශ්වකරුවන්ගෙන් අප ඉල්ලා සිටිනවා. මෝටර් රථ, SUV, ලොරි රථ සහ ප්‍රයිම් මූවර් ඇතුළු ඩීසල් රථවාහන
වර්ග රාශියක් සඳහා භාවිතා කළහැකි මෙම තෙල් වර්ග ඩීසල් එන්ජින්වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමේ
හැකියාව සතුයි.” United Tractor and Equipment (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති
හේවාගීගන පැවසී ය.
CAT ® DEO™ Heavy Duty Diesel Engine Oils, CAT ® HYDO™ ADVANCED high performance
hydraulic fluids, CAT ® TDTO™ drive train and transmission oil, CAT ® GREASES™ සහ CAT ®
ELC™ extended life coolant ඇතුළු නිපැයුම් දැන් දිවයින පුරා අලෙවිසැල් වෙතින් ලබාගත හැකි වේ.
“CAT ® සමාගම මුලින්ම ලිහිසි තෙල් නිෂ්පාදනය කළේ ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුත් තම Caterpillar එන්ජින්
වෙනුවෙනුයි. මෙම එන්ජින්වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බලය ලබාදෙමින් ඒවා ආරක්ෂා කරන ආකාරයට මෙම තෙල්
වර්ග නිෂ්පාදනය කර තිබෙනවා. මේ වනවිට අනෙකුත් වාහන වල එන්ජින් වලටත් භාවිතා කළ හැකි පරිදි CAT ®
ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීමට භාවිතා කර තිබෙන්නේ එම උසස් තාක්ෂණයමයි. CAT DEO™ 15W 40 CI-4
ඩීසල් එන්ජින් ඔයිල් යනු එන්ජිමේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින්, ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරමින්,
පාරිභෝගිකයින්ට වැඩිම ඉතිරියක් ලබාදෙන නිෂ්පාදනයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” United Tractor and
Equipment (පුද්.) සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරිනී අනසූයා ගුණසේන පැවසුවා ය.
UTE සමාගම දකුණු ආසියානු කලාපය තුළ Caterpillar සමාගමේ පැරණිතම අලෙවි නියෝජිත සමාගම් අතරින්
එකක් ලෙස සැලකේ. එමෙන්ම ශ්‍රී ලංකාවට මුලින්ම බරවාහන කාණ්ඩයේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ආනයනය
කළේද එම සමාගමයි. මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ඉහළම තලයේ පාරිභෝගික සේවාව සමගින් ‘සාමාන්‍ය
යන්ත්‍රෝපකරණ’ කාණ්ඩය යටතේ Superbrands ® ඇගයීම දිනාගත් එකම ශ්‍රී ලාංකික සමාගම බවට
පත්වීමටද UTE සමත් වී ඇත. දශක හතක පළපුරුද්දක් සහිත එම සමාගම මෙරට තුළ එකම සන්නාමයකට අයත්
යන්ත්‍රෝපකරණ වැඩිම ප්‍රමාණයක් සැපයීමේ හැකියාව ඇති සමාගම ලෙසද සැලකේ.
පාරිභෝගිකයන්ට අවශ්‍ය අමතර කොටස් ඉතාමත් පහසුවෙන් ඇණවුම් කිරීමට හැකි වන ආකාරයට UTE සමාගම
Parts.Cat.Com වෙබ් අඩවිය හඳුන්වා දී ඇති අතර, එමගින් නියම CAT ® අමතර කොටස් අන්තර්ජාලය ඔස්සේ
ඇණවුම් කළ හැකි වේ. මෙම වෙබ් අඩවිය ජංගම දුරකථන ඔස්සේ පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සකස් කර ඇති
අතර, දවසේ පැය 24 පුරාම අමතර කොටස් ඇණවුම් කිරීමේ හැකියාව පවතී. අවශ්‍ය නම් මෙම අමතර කොටස්
පාරිභෝගිකයා වෙතටම ගෙනගොස් භාරදීමටත්, නැතිනම් UTE ශාඛා වෙතින් ඒවා ලබාගැනීමේ පහසුකම්
සැලසීමටත් සමාගම පියවර ගෙන තිබේ. දිවයිනේ වඩාත්ම පළපුරුදු සහ විශාලතම පාරිභෝගික සහය කණ්ඩායම
සහ Caterpillar පුහුණුව ලැබූ කාර්මික ශිල්පීන් කණ්ඩායම UTE සමාගම සතු ය. මේ වනවිට පංචිකාවත්ත,

මාතර, කුරුණෑගල, අනුරාධපුර සහ කිලිනොච්චි යන ප්‍රදේශ වල ශාඛා පිහිටුවා ඇති UTE සමාගම දිවයින පුරාම
වෙසෙන පාරිභෝගිකයන්ට සේවාවන් සලසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *