83 ජූලි දෙමළ ජන සංහාරය ලංකා ඉතිහාසයේ නොමැකිය හැකි කඵ පැල්ලමකි.

1983 ජූලි 23 වැනිදා මැදියමේ සුපුරුදු පරිදි යාපනයේ රාත්‍රී මුර සංචාරයෙහි යෙදෙන 15 දෙනෙකුගෙන් යුක්ත ශ්‍රී ලංකා හමුදා භට කණ්ඩායම ගමන් කළ මාර්ගයෙහි අටවා තිබූ බිම් බෝම්බය පුපුරා ගියේ ජීප් රථයක් කැබලි බවට පත් කරමින්ය.
එසැණින් සැඟවී සිටි එල්ටීටීඊ සාමාජිකයන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මුර සංචාරයේ යෙදුණු සෙබළුන් 15 දෙනා අතරින් 13 දෙනෙකුගේ දිවි අහිමි විය.

රටම කම්පාවට පත් මියගිය හමුදා භටයන්ගේ මළ සිරුරු කොළඹට ගෙන මියගිය හමුදා සොල්දාදුවන්ගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට සැළසුම් කරන ලදි.
ඒවන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව බොරැල්ල කනත්තට එක්රැවී සිටියද හමුදා සෙබළුන්ගේ දේහයන් කනත්තට ගෙන ඒම පමා වීම හේතුවෙන් රැස්ව සිටි ජනතාව අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. පසුව බොරැල්ල කනත්තේ දී පැවැත්වීමට නියමිතව තිබුණු අවමංගල උත්සවය අවලංගු කර එම දේහයන් අදාළ ගම් ප්‍රදේශවලට යැවීමට තීරණය විය. කෙසේ වෙතත් කනත්ත අසලට රැස්ව සිටි ජනතාව අතර ඇතිවූ කෝපය නිසා බොරැල්ල කනත්ත ඉදිරිපිට තිබූ ගොඩනැගිල්ලකට පහර දී දිවයින පුරා ප්‍රචණ්ඩත්වය ආරම්භ විය.

83 ජූලි දෙමළ ජන සංහාරය නිසා ලක්ෂයකට අධික දෙමළ ජනතාවක් සරණාගතයන් වශයෙන් ඉන්දියාවට පලා ගිය අතර නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මරණයට පත් වූ සංඛ්‍යාව 471 ක් වූවද නිල නොවන සංඛ්‍යා ලේඛන අනුව මිය ගිය සංඛ්‍යාව 1500ක් කි. තුවාලවලට ලක් වූ අයගේ සංඛ්‍යාව 3769ක් වන අතර සිදු වූ මංකොල්ල කෑම් සංඛ්‍යාව 3835 කි. ජාතිවාදයෙන් උමතු වූ පිරිස්වල ප්‍රචණ්ඩත්වය නිවාස 8000ක් ද සාප්පු 5000ක් ද පමණ විනාශ විය.
කඵ ජූලිය ලංකා ඉතිහාසයේ නොමැකිය හැකි කඵ පැල්ලමක් බවට පත්වූ අතර බෙදුම් වාදය ජාත්‍යන්තරයට රැගෙන යාමට මෙම සිදුවීම් පිටිවහලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *