99x Great Place to Work ශ්‍රේණිගත කිරීමෙහිි ‘Legend’ තත්වය හිමිකර ගනී

සේවක නියලීම සහ විශ්වාසනීයත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම
වෙනුවෙන් 99x අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work හි ශ්‍රේණිගත වෙයි
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work
ආයතනය වෙතින් අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work (GPTW) Legend තත්වය
මෑතකදී හිමිකර ගත්තේය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත හා
විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට සහ එහි ශ‍්‍රම බලකාය
වෙනුවෙන් පෙනී සිටීමට 99ං හි ඇති නොසැලෙන කැපවීම මෙම ජයග‍්‍රහණය තූළින්
ඉස්මතු වෙයි. මෙම වසරේදී සමාගම ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් මෙන්ම
හොඳ IT/ITES සේවා ස්ථානයක් ලෙස ද ශ්‍රේණිගත කර ඇත.
99x, 2013 වසරේ සිට අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස නම් වී
ඇති අතර 2018 සිට 2021 දක්වා අඛණ්ඩව වසර හතරක් ආසියාවේ හොඳම සේවා
ස්ථානයක් ලෙස ද ශ්‍රේණිගතව ඇත. 99x යනු ශ්‍රී ලංකාවේ එසේ ශ්‍රේණිගත වූ සමාගම්
තුනෙන් එකකි. AIA සහ DIMO යන ආයතනයන්හි වසර ගණනාවක් පුරා ක‍්‍රියාත්මක
වෙන විශිෂ්ට මානව සම්පත් භාවිතයන් වෙනුවෙන්, 99x මෙම සමාගම් දෙකට තමන්ගේ
සුබ පැතුම් එක් කරයි.
අභියෝගාත්මක ආර්ථික පසුබිමක් තුළදීත් 99x විවිධ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාවට නංවමින්
සිය ජනතා අවධානය පවත්වා ගෙන ගොස් ඇත. 99x සිය සේවා ස්ථාන සංස්කෘතිය
වැඩිදියුණු කිරීම කෙරෙහි නිරන්තරයෙන් ඇති නොසැලෙන අවධානය Legend තත්වය
වෙත ලඟා වීම සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් 99x ප‍්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ මනෝ
සේකරම් මහතා පැවසුවේ ‘’Great Place to Work ආයතනයෙන් අපට ලැබී ඇති සහයෝගය
සහ පිළිගැනීම අපට ගෞරවයක් මෙන්ම අප ඒ පිළිබඳව අතිශයින් කෘතඥ වෙනවා. ඒ
වගේම වැඩ කිරීමට සුදුසු විශිෂ්ට ස්ථානයක් බවට පත්වීම ගැන අපි නිහතමානීව සතුටු
වෙනවා. මෙය රැකියා ස්ථානය තුළ පවතින අපගේ සංස්කෘතික භාවිතයන් පිළිබඳ
ඇගයීමක්. අපගේ ව්‍යාපාර ආකෘතියේ ඇති වෙනස්කම්වලට අනුගත වීම, වසංගත හා
ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද නව සාමාන්‍යකරණයට මුහුණ දීම මෙන්ම අපගේ සේවා
කණ්ඩායම් අපට තිබෙන ප‍්‍රධානතම වත්කම ලෙස සැලකීම ආදී කරුණු මෙම තත්වය
ළඟා කර ගැනීම උදෙසා අපට ඉඩ සලසන ප‍්‍රධාන මූලධර්ම කිහිපයක් ලෙස පෙන්වා
දිය හැකියි.” යනුවෙනි.
ශ‍්‍රී ලංකා රැකියා ස්ථානයේ සේවක සේවිකාවන් තම නායකයින් කෙරෙහි දක්වන
විශ්වාසය, මිනිසුන්ට දක්වන ගෞරවය, සේවා ස්ථානයේ තීරණවල සාධාරණත්වය සහ
කණ්ඩායම් මිත‍්‍රත්වය ඇතුළු සාධක මත 99x මෙසේ ශ්‍රේණිගත වී ඇති අතර Great Place
to Work ශ‍්‍රී ලංකා විසින් සේවක සමීක්ෂණ ප‍්‍රතිචාර විශ්ලේෂණයක් මත පදනම්ව ඒ
පිළිබඳව ඇගයීමට ලක් කර ඇත. සේවකයින්ට තම යහපැවැත්ම වර්ධනය කර ගැනීම
උදෙසා ඔවුන්ට අවශ්‍ය පිටුබලය සහ නම්‍යශීලීභාවය ඇති, වෘත්තීයමය වශයෙන් සහ පුද්ගලිකව ඔවුන්ගේ උපරිමය ලබා දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට 99x හි
කැපවීම මෙම ඇගයීම තුළින් අවධාරණය කරයි.


”අපගේ පාරිභෝගිකයින් අපට වඩා සැතපුම් 6000 ක් පමණ බොහෝ දුරින් සිටියද අප
සහ ඔවුන් අතර පවතින විශ්වාසනීයත්වය මත ඔවුන්ගේ සම්පූර්ණ බුද්ධිමය දේපළ
අපට භාර දී තිබෙනවා. අපගේ සේවකයින් දිරිමත් කිරීම සඳහා ධනාත්මක වැඩ
සංස්කෘතියක් නිර්මාණය කරන අතරම විශ්වාසය ඇති කිරීම තුළින් විශිෂ්ට කාර්යයක්
ගොඩනැගීමට හැකිවීම අපගේ මෙම සාර්ථකත්වයට හේතු වුණා. 99x ලොව පුරා සිටින
අපගේ පාර්ශවකරුවන් සඳහා සෑම විටම විශ්වාසදායක සහ ආරක්ෂිත පරිසරයක්
පවත්වාගෙන යනවා.” යනුවෙන් 99x හි ප‍්‍රධාන මහජන නිලධාරී දමිත ජයසිංහ මහතා
පැවසුවේය.
මෙම අභියෝගාත්මක කාල සීමාවන් මධ්‍යයේ වුවද 99x ව්‍යාපාර අඛණ්ඩතාව සහ
සේවකයින්ගේ රැකවරණය සහතික කිරීම සඳහා පියවර ගත්තේය. සමාගම ශ‍්‍රී
ලංකාවේ සිටින සිය සියලූම සේවකයන්ට හොද වැටුපක් ලබාදෙන අතර ශක්තිමත්
ජීවන වියදම් දීමනා ක‍්‍රමයක් හඳුන්වා දී ඇත. මීට අමතරව 99x oDoc සහ InReach Global
ඇතුළු වෛද්‍ය උපදේශන සේවා සමඟ හවුල් වෙමින් එහි සේවකයින්ට online සෞඛ්‍ය
උපදේශනයට පහසුකම් සලසා දී තිබේ. වසංගතය ආරම්භයේදීම 99x සිය සේවකයින්ට
බාධාවකින් තොරව නිවසේ සිට වැඩ කිරීමේ ආකෘතියකට මාරු වීමට හැකියාව ලබා
දුන්නේය. මෙවැනි තීරණාත්මක පියවරයන් හරහා 99x සේවකයින්ට මෙම දුෂ්කර
කාලවලදී ද සාර්ථකව ඔවුන්ගේ ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා ඉහළම සේවාවක් ලබා
දීමට අවස්ථාව ලබා දී ඇත.
99x ශ‍්‍රම බලකායෙන් 25% ක් පමණ කාන්තාවන්ගෙන් සමන්විත වන අතර සමස්ත
ශ‍්‍රම බලකායෙන් 78% කට වැඩි ප‍්‍රමාණයක් සහ කළමනාකරණ කණ්ඩායමේ 25% ක්
පමණ සිටින්නේ තරුණ ප‍්‍රජාවයි. තවද 99x විශ්වවිද්‍යාල මට්ටමේ සිට දේශීය තොරතුරු
හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. පසුගිය
වසර දහය තුළ එය දේශීය විශ්වවිද්‍යාල 30ක් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති
අතර උපාධිධාරීන් 25,000කට අධික පිරිසකට අති නවීන තාක්ෂණයන් සමඟ වැඩ
කිරීමට කර්මාන්ත අවස්ථා ලබාදෙමින් ඔවුන් සවිබල ගන්වා ඇත. මීට අමතරව 99x
විසින් තාක්ෂණික සැසි 500 කට අධික ප‍්‍රමාණයක් පවත්වා ඇති අතර පර්යේෂණ
ව්‍යාපෘති 50 කට ආසන්න ප‍්‍රමාණයකට ද සහාය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *