මේ අවස්ථාවේදී අපනයන කරුවන් රටේ ජීවනාලියයි – ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසයි.

අපි නන්දලාල් මහතා මහ බැංකු භාරගන්න මොහොතේදී ඔහුව දැක්කේ පාතාක
යෝධයෙක් ලෙස වු අතර, රට බේරාගන්න පැමිණි මහා වීරයෙකු ලෙස අපි ඔහුව දිටිමු.
ඇත්තටම ඔහු කළ දේ අගය කළ යුතු මට්ටමක පවතියි. සංචාරක කර්මාන්තය හා
අපනයන අපගේ ඩොලර් ආදායමට සෘජුවම බලපාන ප්‍රධාන අංශ දෙකකි. සංචාරක
කර්මාන්තය බිංදුවට පැමිණ තිබෙන යුගයක අපනයන ආදායම අපට ඇති එකම
බලාපොරොත්තුව වේ. එයිනුත් නිෂ්පාදන අපනයනය ඉතාම වැදගත් සාධකයක් වේ.
හ්‍රී ලංකා මහ බැංකුවේම දත්ත පවසන ආකාරයට පසුගිය වසර සාපේක්ෂව අපගේ
අපනයන ආදායම ඩොලර් මිලියන 440කින් වැඩි වී 30%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
එබැවින් මේ අවස්ථාවේදී රටේ ජීවනාලිය බවට පත්ව ඇත්තේ අපනයන ක්ෂේත්‍රයයි.
අපි සිටින මෙම දරුනු ආර්ථික අවපාතය තුළ නිෂ්පාදන අංශය අනිවාර්යෙන්ම රැකගත
යුතු තැනට පැමිණ ඇත. නමුත් නන්දාලාල් මහතා රත්තරන් බිත්තර දමන කිකිලීව වෙඩි
තබා ඝාතනය කිරීමට සැරසෙනවාද කියා අපට සැක මතු වී තිබේ. මෑතකදී 100%
අපනයන ආදායම රුපියල්වලට පරිවර්ථනය කරන්නේ නැති බවට දැඩි චොදනාවක් මහ
බැංකු විසින් ප්‍රචාරය කරමින් සිටියි. මෙම සාවද්‍ය මතය ජනතාව තුළද දැන්
රෝපණය වී ඇත. ඇතම් අවස්ථා වල විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගෙනැවිත්
රුපියල් බවට පරිවර්ථනය කර තිබියදී මහ බැංකුව මෙම ආයතන වලට ලිපි මගින් දැනුම්
දී ඇත්තේ අඩු මුදල් ප්‍රමාණයක් රුපියල් වලට පරිවර්ථනය කර ඇති බැවින් ඒ පිළිබඳව
පැහැදිලි කරන ලෙසයි. මෙය පැහැදිලි කර ගැනීමට යම් ආතනයක් මිලියන 10ක් මුදල්
ප්‍රමාණයක් රුපියල් වලට පරිවර්ථනය කළා යැයි සිතුවහොත් නමුත් මහ බැංකුව
සාවද්‍ය ගණන් යොදා මිලියන 1ක් පමණක් පරිවර්ථය කර ඇති බව පවසමින් ලිපි එවා
තිබේ. මහ බැංකුවේ නිලධාරීන් මාධ්‍ය වෙත යොමු කරන දත්ත වල සත්‍ය බව
පිළබඳවද අපට දැන් සැකයක් මතුවේ. මහ බැංකුව සහ අපනයනකරුවන් අතර පවතින
මෙම මතබේදය පිළිබඳව අදහස් පළකරන වයඹ සරසවියේ ආර්ථික පීඨයේ මහාචාර්ය
අමින්ද මෙත්සිල පවසන්නේ විදේස් විනිමය අවැසි අවස්ථාවක මහ බැංකුව විසින් මේ
ආකාරයට අපනයනකරුවන් පීඩාවට පත් කිරීම සුදුසු නොවන බවයි. අපනයන ආදායම්
100% ක් ප්‍රයෝගිකව ගෙන්වා ගැනීමට අසීරූව ඇත්තේ ආනයනය සඳහා රටතුළ
ඩොලර් නොමැති වීම බව ඔහු වැඩිදුරටත් පවසා සිටී. විශේෂයෙන්ම මෙරට කාර්මික
අපනයන සඳහා අවශ්‍ය අමුර්‍දව්‍ය ගෙන්වීමට බැංකු පද්ධතිය තුළ ඩොලර් නොමැති
වීම සහ බොහෝ අපනයන සමාගම් විසින් විදේස් බැංකු පද්ධතිය හරහා ගෙන ඇති
‌ඩොලර් ණය යළි ආපසු ගෙවීමට ඔවුන් විසින් උපයන ඩොලර් වලින් ප්‍රතිශතයක්
රටින් එතෙරව පවත්වාගෙන යෑම කලක සිට සිදු කෙරෙන බැවින් එකවර මෙම තත්වය
වෙනස් කිරීමට නොහැකි හා ප්‍රයෝගික නොවන කටයුත්තක් බව ඔහු වැඩිදුරටත්
පෙන්වා දී ඇත. රටට ඇති වී තිබෙන තත්වයට දේශපාඥයින් වගකිව යුතු වුවත්, මෙම

දත්තවත් නිවැරදිව ඉදිරිපත් කිරීමට නොහැකි මහ බැංකුව වගකිව යුතු
නොවේද? මෙවැනි සරල දෛනිකව ඩොලර් රුපියල් කරන ප්‍රමාණයවත් නිවැරදිව
ගණනය කිරීමට නොහැකි නම්, ඔවුන් රට වෙනුවෙන් ගනු ලබන දිර්ඝකාලීන
ප්‍රතිපත්තිමය තිරණ ගැන අපට විශ්වාස කළ හැකිද? මෙයට නන්දලාල් මහතා
සෘජුවම සම්බන්ධද නැද්ද යන්න අපි නොදනිමු. නායකයා පැහැදිලිව විධානයක් දී
තිබියදී එය පිළිපදින්නේ නැත්නම් එය ඔහුට පහල සිටින නිළධාරීන්ගේ වරද වේ. නමුත්
නායකය පැහදිලි විධානයක් ලබා දී නැත්න්ම, අපට නායකයා වෙත ඇඟිල්ල දික් කිරීමට
සිදු වේ. මේ කාරනයේදී නන්දලාල් ඔබ වැරදිද හරිද? අපි නොදනිමු. නමුත් අපට
ආර්ථිකය ගැලවා ගැනීමට ඇති තවත් මාර්ගයක් මෙය හරහා නැතී වි යයිද? කියා අප
සිතා බැලිය යුතුව ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා
ජයරත්න මහතා පවසන්නේ “ අපනයන ක්ෂේත්‍රය අධෛර්යමත් කරන තීදු තීරණ රජය
සහ නියාමන ආයතන විසින් ගැනීම තුළින් අප බලාපොරොත්තු වන අපනයන ඉලක්ක
වෙත ළඟා වීමට හැකි වන්නේ නැහැ. එබැවින් එකිනෙකාට චෝදනා කර ගැනීමටවඩා
වැදගත් වන්නේ සියලු ආයතන සහයෝගයෙන් ඉලක්ක ජය ගැනීමට කටයුතු කිරීමයි.
මහ බැංකුව රටේ ආර්ථික නියාමනයෙහි ප්‍රමුඛතම ආයතනය ලෙස අපනයනකරුවන් සහ
පොදුවේ මෙරට පුද්ගලික අංශය දෙස වඩා සුබවාදී ආකල්පයන් පෙරදැරිව කටයුතු කළ
බව මම විශ්වාස කරනවා” යනුවෙනි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය
කරනු ලැබූ සම්මන්ත්‍රණයකදී හිටපු සභාපතිවරයා මේ අදහස් දැක්වීය.
ඛනිජ තෙල් හා බලශක්තිය අවම මට්ටමක තිබෙන රටක අපනයනකරුවන් රැඳී සිටීම
පිළිබඳව රජය සහ මහ බැංකුව මෙම ආයතනයන්ට ප්‍රශංසා කළ යුතුව ඇත කාලාපයේ
අනිත් රටවල් අපට වඩා වැඩි පහසුකම් අඩු පිරිවැයකට ලබා දෙන මට්ටමක් තිබෙන
විට, අප අපගේ ආයෝජකයන් රැකගත යුතුවේ. විශේෂයෙන් බංගල්දේශය ආර්ථික ධාවන
තරඟයේ අපට වඩා ඉදිරියට පැමිණ ඇත. අපට වඩා වෙනස් මඟක යන ඔවුන්
අපනයනකරුවන්ගෙන් වැඩි බදු මුදලක් ලබා ගන්නා අතර සුවිශේෂී පහසුකම්
ආයෝජකයන්ට ලබා දේ. එම වැඩිපුර බදු මුදල ආයෝජකයා ගෙවීමට ඉතාම කැමැත්තෙන්
ඉදිරිපත් වන්නේ ඔවුන් විසින් ලබාදෙන අසම සම යටිතල පහසුකම් නිසයි. අපද මෙම
මග යායුතුව ඇත. මෙයට අමතරව අප රටේ දේශපාලන පක්ෂ වෘත්තීය සමිති
අතකොලුවක් කරගෙන තවත් පැත්තකින් මෙම ආයෝජකයන්ව පීඩනයට පත් කරයි.
මෙම පිඩනයද දරාගෙන මෙරට රැදී සිටිම උදේසා අප ඔවුන්ට පින් දිය යුතුයි. මෙම ජන
පීඩක, වංක මුදල් ගසා කන සුළු පක්ෂ මහ පක්ෂයේ වැරදි කට පාඩමින් කියා පෑවත්,
තමන් රටට වෘත්තිය සමිති අතකොලු කරගෙන කරන හානීය වසාගෙන සිටියි. මෙම
දැඩි පිඩනකාරී තත්වය යටතේ ව්‍යාජ දත්ත භාවිතා කරමින් ආයෝජකයාට පීඩනයක්
එල්ල කිරීම මත ආයෝජකයා තවත් කලකිරීමට පත්වේ. ආයෝජකයන් ගෙන එන ඩොලර්
ලබා ගැනීමට වෙනත් බොහෝ ක්‍රම ඇත. ඒ නිසා නන්දලාල් මහතානෙනි ඔබගේ දත්ත

නිවැරදිද කියා පරික්ෂා කර බලන්න. නිවැරදි දත්ත සමග නිවැරදි තිරණ ගන්න.
නැත්නම් ඔබ පවත්වාගෙන ආ ඒ අව්‍යාජ පෞරශත්වය බිද වැටෙනු ඇත.
මෙම කාරණා අප කාථා කිරීමට ප්‍රථම Joint Apparel Association Forum Sri Lanka
(JAAFSL) ජැෆ් ආයතනය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ පිළබඳ පොදු මහ ජනතාව
දැනුවත් කල යුතු වුවත් අද ඔවුන්ද නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීම පුදුම සහගතය.
ඔබ වෙනුවෙන් ඔබට කථා කිරීමට නොහැකි නම්,වෙනත් අයද නිහඬ වනු ඇත. ඉදිරි
දිනයක ඔබගේ සංගමයේම සාමාජිකයන් රටෙන් පිට වී යන වට පිටාවක් සැකසුන
හොත්, රටට මහත් විපතක් සිදු වන අතර එහි ප්‍රතිඵල ඔබටත් විදීමට සිදු වනු ඇත.
ඔබ ගැන ජනතාව මත ඇති කර තිබෙන වැරදි මතයට ඔබ පිළිතුරු දෙන්නේ
නැද්ද? ඔබගේ වෙබ් අඩවිය පවසන්නේ 2025 වන විට මෙම වෙළඳපොල ඩොලර් බිලියන
8ක් දක්වා වර්ධනය කිරීමට ඔබ සැලසුම් කරන බවයි. මෙවැනි චොදනා වලට පිළිතුරු
නොදී ඔබ මෙම වෙළඳපොළ වර්ධනය කරන්නේ කෙසේද? ඔබගේ සමාජිකයාගේ අයිතිය
පිළිබඳව ඔබ මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මහ බැංකුවේ සාවද්‍ය දත්ත ගැන ඔබ
ගන්නා පියවර මොනවාද? මෙයට අමතරව නිදහස් වෙළඳ කාලාප නිෂ්පාදකයන්ගේ
සංගමය (FTZ Manufactures Association ) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම
තොරතුරු ගැන මාධ්‍යට පැවසිය යුතු වුවත් ගෙන යන නිහඬ ප්‍රතිපත්තිය ඉතාමත්
සැක සහිතියි. බොහෝදුරට මෙම සංගම් දෙක තුළද සිදු වන්නේ නිලධාරී මණ්ඩලය කා
බී විනොද වීමයි. නිලධාරී පිරිස සැප ගන්නා අතර රජයේ හොද නම දිනා ගෙන නිහඬව
සිටීම මෙම සංගම් වල කනගාටුදායක යථාර්ථය වී ඇත. ඩොලර් ඇති බලගතුම සංවිධාන
2ක් වන ඔබ මීට වඩා තම සාමාජිකයන් රැක ගැනීමට පෙරට ආ යුතු බව සැමගේ
මතයයි. එය ඔබ සාමාජිකයන්ද අනුමත කරනු ඇති බව අපගේ විශ්වාසයයි.
අපගේ ගැටලු වලට ප්‍රධානම හේතුව දුෂිත නිලධාරීන් හා පාලකයන් වු අතර එය
වෙනස් කර යහපත් රටක් නිර්මාණය කිරීමට පියවර ගමු.එම පියවර ගැනීමේදී මහ
බැංකුවට විශාල වගකීමක් ඇත. ඒනිසා නාන්දලාල් මහතානෙනි ඔබගේ වෙඩි උණ්ඩය හරි
ඉලක්කයට යොමු කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *